Breaking News

"Hutch" වෙතින් රට පුරා 4G


 "හච්" දුරකතන සේවා සන්නාමය යටතේ රටපුරා  4G සන්නිවේදන තාක්ෂණික පහසුකම ලබාදීම සඳහා විදුලි සන්දේශ නියාමන කොමිසම සහ ආයෝජන මණ්ඩලය විසින්  හචිසන් දුරකතන සන්නිවේදන සමාගම වෙත අවසර ලබා දී ඇතැයි වාර්තා වේ. 

මේ අනුව 2018 වසර අවසාන වීමට පෙර ශ්‍රී ලංකාව 4G තාක්ෂණයෙන් බලගැන්වීම එම සමාගමේ අරමුණ වී තිබේ. 

හච් සමාගම විසින් ශ්‍රී ලංකාව තුල 3G සේවා සැපයීම හරහා ලබා ඇති සාර්ථකත්වය මත 4G සේවාව බලගැන්වීම සදහා හොංකොං මව් සමාගම විසින් ආයෝජනය කරනු ඇත. 

No comments