Breaking News

MH 370 යානයට වෙඩි වැදුණා,රවුන්ඩ් දූපත ආශ්‍රිත සාගරයට ගුවන් යානය කඩා වැටුණු බව හෙළි වෙයි

Image result for MH 370

2014 වසරේ දී අතුරුදන් වූ එම්.එච්.370 මලයාසියානු ගුවන් යානය සම්බන්ධයෙන් වසර හතරකට පසු සොයා ගත් නව තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඒ ගූගල් ඒර්ත් (Google Earth)ආශ්‍රයෙන් බව විදෙස් වාර්තා අනාවරණය කරයි.
ඕස්ට්‍රේලියානු ඉංජිනේරුවෙකු විසින් සිදුකළ පරික්ෂණයකින් මෙම නව තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.
මලයාසියානු ගුවන් සමාගමට අයත් එම්.එච්.370 පසුගිය 2014 වසරේ දී ක්වාලාලම්පූර් ගුවන්තොටුපලේ සිට බීජීං නුවර බලා පියාසර කිරිමේ දී අතුරුදන් වුණේ එහි ගමන් ගත් මගින් 293 ක් සමග ය.
මලයාසියාව සහ චීනය එක්ව දින 1046ක කාලයක් අදාළ යානයේ සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක නිරත විය.එහි කිසිදු ප්‍රතිඵලයක් නොමැති නිසා පසුව එම මෙහෙයුම අතහැර දැමීමට මලයාසියාව සහ චීනය තීරණය කරනු ලැබීය.
විවිධ කණ්ඩායම් එක්ව ලොව වටා පරික්ෂණ පැවතුව ද ඉන් සාර්ථක ප්‍රතිඵල නොමැති වීමෙන් එම පරික්ෂණ කටයුතු අතැර දමා තිබුණි.
ලොව ගුවන් ගමන් ක්ෂේත්‍රයේ දිගු කලක් තිස්සේ මුහුදු පත්ලේ සිදු කළ සෙවීමේ මෙහෙයුම ද මෙය වන බව සඳහන් ය.
කෙසේ වෙතත් යානය අතුරුදන් වී වසර හතරකට පසුව ඕස්ට්‍රේලියානු ඉංජිනේරුවරයෙකු වූ පීටර් මොහන් විසින් ගූගල් ඒර්ත් (Google Earth)) ආශ්‍රයෙන් සිදුකළ පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කර තිබේ.එහි සඳහන් කර ඇත්තේ ගුවන් යානය කඩා වැටී ඇති ස්ථානය තමා විසින් ගූගල් ඒර්ත් ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති බව ය.
ඔහුගේ නිගමනයට අනුව අතුරුදන් වූ එම්.එච්.370 මලයාසියානු ගුවන් යානය මුරිසි රාජ්‍යය සිට දකුණු දෙසට ගුවන් සැතපුම් 22.05 දුරින් පිහිටි රවුන්ඩ් දූපත ආශ්‍රිතව කිලෝ මීටර 16 ක් දුරින් වූ ගැඹුරු මුහුදට පතිත වී ඇති බව සඳහන් කර තිබේ.
කෙසේ නමුත් අදාළ යානය සෙවීමේ මෙහෙයුමේදී රවුන්ඩ් දූපත ආශ්‍රිතව කිසිදු ‍සෙවීමක් සිදුකර නැහැ.එමෙන්ම අමෙරිකානු බලධාරින් යානය සෙවීමේ මෙහෙයුම සාර්ථකව සිදුකර නොමැති බවට ද චෝදනා එල්ල වී තිබේ.
රවුන්ඩ් දූපත ආශ්‍රිතව සෙවීමේ මෙහෙයුම දියත් කිරිමට බලධාරින් අකමැති වූ බවද පීටර් මොහන් සඳහන් කලේ ය.ඉන් අනතුරුව යානය සෙවීමේ කටයුතු ඕස්ට්‍රේලියාවට භාරදෙනු ලැබීය.එහිදී අදාළ යානය සෙවීමේ කටයුතුවල නිරත වු අමෙරිකානු මෙහෙයුම් කණ්ඩායම් හතරක නියෝජිතයන් එම්.එච්.370 මලයාසියානු ගුවන් යානය ‍සෙවීම සඳහා ඕස්ට්‍රේලියාවට සහාය වීමට පත් කර තිබුණි.
නමුත් එම නියෝජිතයන් විසින් නිවැරදි තොරතුරු ඕස්ට්‍රේලියාව වෙත ලබානොදුන් බවත් සත්‍යය වසන් කිරිමට කටයුතු කර ඇති බවත් ඕස්ට්‍රේලියානු ඉංජිනේරුවරයෙකු වූ පීටර් මොහන් අනාවරණය කරේය.
ඕස්ට්‍රේලියාවේ පල වන ඩෙයිලි ස්ටාර් පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී පීටර් මොහාන් මෙම කරුණු අනාවරණය කර තිබේ.
අතුරුදන් වූ එම්.එච්.370 යානයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බවටත් සාධක හමුවී ඇති බව මෙහිදී පීටර් මොහන් සදහන් කර ඇත.
එම කරුණු අනාවරණය කිරිමෙන් වෙනත් ප්‍රශ්න ඇති වනු ඇතැයි සිතා මෙම කරුණු අමෙරිකාව විසින් වසං කරන්නට ඇති බවයි පීටර් චෝදනා නඟයි.
එම්.එච්.370 යානය සම්බන්ධයෙන් තමා විසින් සොයාගත් සියළු කරුණු ඕස්ට්‍රේලියානු ප්‍රවාහන බලධාරින් වෙත පීටර් මොහාන් ලබාදී තිබේ.
ඔහුගේ සොයා ගැනීමට අනුව ගුවන් යානය පියාසර කිරිම ආරම්භ කර පැය 6කට පසු ඉන්දිය සාගරයට කඩා වැටී ඇති බව සඳහන් ය.
පීටර් මොහාන් යනු අතුරුදන් වූ ගුවන් යානා සෙවීමේ කටයුතු සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන අත්දැකීම් බහුල ඉංජිනේරුවෙක් වේ.

No comments