Breaking News

ජාතිවාදයට කිසිදු ඉඩක් නොතැබිය යුතුයි - මහේල සංගක්කාර ට්විටර් ගිණුම් වල තැබූ අපූරු පණිවිඩ - ( Photos)


රටේ ඇතිව තිබෙන තත්වය ගැන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර සිට ට්විටර් ගිණුමේ අපුරු සටහනක් තබා තිබුනා.
තමා හැදී වැඩුනේ වසර 25 කාලයක් පුරා පැවති සිවිල් යුද්ධයක් සමග බවත් ඉදිරි පරම්පරාවට එවැනි තත්වයක් උදාවනු දැකීමට තමා අකමැති බවත් සුපිරි පිතිකරු මහේල ජයවර්ධන නිළ ටිව්ටර් ගිණුමේ සඳහන් කරා එමෙන්ම ජාති ආගම් භේද නොසලකා මෙවැනි ප්‍රචණඩකාරි ලෙස හැසිරෙන්නන් නීතිය හමුවට පැමිණවිය යුතු බවඳ එම සටහනේ දැක්වෙයි.
මේ අතර සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරද ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ අප සියලු දෙනා එකම රටක එකම මිනිසුන් බවයි.ජාතිවාදයට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත් සියලු දෙනා එකාවන්ව එක්විය යුතු බවත් එහි දැක්වෙනවා.

No comments