100 කට මරු කැඳවූ ගුවන් යානා අනතුර | Reporter 100 කට මරු කැඳවූ ගුවන් යානා අනතුර - Reporter

Breaking News

100 කට මරු කැඳවූ ගුවන් යානා අනතුර

ඇල්ජීරියානු හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බීබීසී වාර්තා සදහන් කළේ මරණ සංඛයාව 200 දක්වා ඉහළ යනු ඇති බවටයි.
ඇල්ජීරියානු අගනුවරට ආසන්නයේ පිහිටි ගුවන් හමුදා කඳවුරේ සිට අද පෙරවරුවේ බවුෆැරික් හමුදා ගුවන් තොටුපොළ වෙත පියාසර කළ අවස්ථාවේ දී අනතුර සිදුව ඇති බවටයි එරට වාර්තා පවසන්නේ.
තුවාල ලැබු පිරිස බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර ගිලන් රථ සේවා 50ක් පමණ අදාළ ප්‍රදේශයට යොදවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් නිල තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බව ද සඳහන්.
කෙසේ වෙතත් මීට වසර 4ට පෙර ද හමුදා ගුවන් යානයක් මෙලෙස ඇල්ජීරියාවේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 77ක් ජීවිතක්ෂයට පත්වුණා.


No comments