බස්‍ එකක් නවත්තලා තිබුණු ලොරියේ හැප්පිලා 35කට තුවාලයි | Reporter බස්‍ එකක් නවත්තලා තිබුණු ලොරියේ හැප්පිලා 35කට තුවාලයි - Reporter

Hot News

බස්‍ එකක් නවත්තලා තිබුණු ලොරියේ හැප්පිලා 35කට තුවාලයි




පුත්තලම - හලාවත ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව හැළඹවටවන ප්‍රදේශයේදී, බස් රථයක් නවතා තිබු ලොරි රථයක ගැටීමෙන් කාන්තාවන් තිස් පහක් තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාකරු පැවසීය.

අද(03) පෙරවරුවේ මෙම අනතුර සිදුවු අතර බස්රථය ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනයේ නිරත වන බස් රථයක්ය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නොරොච්චෝලේ සිට බිංගිරිය විලත්තව දක්වා ඇගළුම් කර්මාන්ත සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් වන අතර මෙහි සේවිකාවන් හතළිහකට ආසන්න පිරිසක් සිටි බව වාර්තා වෙයි.

බස් රථය ගැටී ඇත්තේ යාපනයේ සිට හලාවත දක්වා පොල් ප්‍රවාහනය කරන ලොරි රථයකය. හැළඹවටවන ප්‍රදේශයේදී ලොරි රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා තිබී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු, බස් රථය හා ලොරි රථය ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

No comments