Breaking News

සිංහල අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තුත් ඉහළට

සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු දුම්රිය ගාස්තුව 15% ක සාමාන්‍ය අගයකින් ඉහළයාහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී රුපියල් 10.00 ක් වන අවම දුම්රිය ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන අතර ඇතැම් අවස්ථාවල එම ගාස්තු සංශෝධනය 15% ඉක්මවායාහැකි බවද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියයි.
මේ අතර ආසන වෙන්කිරීම් ආදී විශේෂ සේවා ගාස්තුද සංශෝධනය වන අතර දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පංචපුද්ගල කමිටුවේ නිර්දේශ මත පිළියෙල කෙරුණු නව දුම්රිය ගාස්තු ලේඛණය ලබන සතියේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට බාරදීමට නියමිත බව දුම්රිය වාණිජ අධිකාරී එන්.ජේ.ඉදිපොළගේ මහතා පවසයි.

දමයන්ති ගමගේ

No comments