Breaking news : අග්‍රාමත්‍යවරයා විශ්වාසභංගය ජයගනී..... | Reporter Breaking news : අග්‍රාමත්‍යවරයා විශ්වාසභංගය ජයගනී..... - Reporter

Hot News

Breaking news : අග්‍රාමත්‍යවරයා විශ්වාසභංගය ජයගනී.....


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංගය ජයග්‍රහණය කළේ ය.විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව කි 76කි. මන්ත්‍රීවරුන් 26 සභාගර්භයට පැමිණ සිටියේ නැත.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පෙරවරුවේ ආරම්භ විය.යෝජනාව ඉදිරිපත් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

විවාදය ආරම්භ කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා සඳහන් කළේ, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙම විශ්වාසභංග යෝජනාවට සහාය පළ කළ යුතු බවයි. පසුගිය 16 වන දා කථානායකවරයාට භාරදුන් මෙම විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා 14 ක් ගොනු කර තිබිණ.

යෝජනාව ස්ථිර කරනු ලැබුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා විසිනි.

No comments