ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුයි - ජනපති නිදහස් පක්ෂ මන්ත්‍රීන්ට දන්වයි... | Reporter ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුයි - ජනපති නිදහස් පක්ෂ මන්ත්‍රීන්ට දන්වයි... - Reporter

Breaking News

ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුයි - ජනපති නිදහස් පක්ෂ මන්ත්‍රීන්ට දන්වයි...


විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය භාවිත කළ ද ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවට ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී එකගතාවයකට පැමිණි බව  අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.
අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂයක් ලෙස විශ්වාසභංගයට පක්ෂ වීමට තීරණය කළ නිසා වර්තමාන ආණ්ඩුවේ තවදුරටත් රැදී සිටිය හැකි බව ජනාධිපතිවරයා ද ප්‍රකාශ කළ බවයි වීරක්කොඩි මහතා සඳහන් කළේ.
සාකච්ඡාවේ තොරතුරු සම්බන්ධයෙන් අප නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගෙන් ද විමසීමක් කළා.
ඔහු පැවසුවේ ඉදිරියේදී එන ප්‍රශ්නවලට මුහුණදීම සඳහා තමන් සමග සිටින බවට ජනාධිපතිවරයා මේ වන විට තමන්ට පොරොන්දු වූ බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුවේ සිටින බව මුතුහෙට්ටිගම මහතා එහිදී කියා සිටියා.

No comments