Breaking News

අවසන් තීන්දුවකට ඒකාබද්ධය, ජවිපෙ, දෙමළ සන්ධානය සහ මුස්ලීම් කොංග්‍රසයේ හමුවේ...


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසුවේ.ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අතිගරු මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ සඳහා එකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම 04 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳව සහ ඉන්  අනතුරුව පසුව  තත්වයන් පිලිබඳ කරුණු සාකච්ජා කරන ඉතා වැදගත් තීරණාත්මක සාකච්ජාවක් බවට ඒ කණ්ඩායම් රැස්වීම පත්වෙනවා වගේම අපේ ඉදිරි කටයුතු ගැන තීන්දු තීරණ ගැනීමට නියමිතයි.
මේ අතර, විශ්වාසභංග යෝජනාව සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ද අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානය ද අද පාර්ලිමේන්තු සංකීර්ණයේදි රැස්වනු ඇති.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හෝ අගමාත්‍යවරයා හමුවීමට මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන්
කළේ.
මේ අතර, විශ්වාසභංගය සම්බනධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අවසන් තීරණයද අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නිමිතව තිබෙනවා. ඒ පක්‍ෂ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුවයි.

No comments