Breaking News

විශ්වාසභංගයක් රනිල්ට නොව මෛත්‍රිටයි ඕන - හිටපු ඌව ආණ්ඩුකාර..


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මඟින් විශ්වාසභංගයක් ගෙනැවිත් තිබුණද සැබවින්ම විශ්වාසභංගයක් ගෙන ආ යුත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව නොව රටේ නායකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව යැයි හිටපු ඇමතිවරයෙකු වන ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවර සී.නන්ද මැතිව් මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය හා පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.
වර්තමනයේ රටට අවශ්‍යව ඇත්තේ දියාරු නායකත්වයක් නොව සාමාන්‍ය ජනතාව ගැන සිතන, එහෙත් ඒකාධිපති තත්ත්වයේ දැඩි පාලනයක් යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

No comments