දහයෙ කොළෙයි රුපියලේ කාසියයි අපිට මහ මෙරක් වගේ දැනුනා...! අද නොදැනෙන බක් මහේ අසිරිය | Reporter දහයෙ කොළෙයි රුපියලේ කාසියයි අපිට මහ මෙරක් වගේ දැනුනා...! අද නොදැනෙන බක් මහේ අසිරිය - Reporter

Breaking News

දහයෙ කොළෙයි රුපියලේ කාසියයි අපිට මහ මෙරක් වගේ දැනුනා...! අද නොදැනෙන බක් මහේ අසිරිය

සිංහල හින්දු අලුත් අවුරුද්ද අත ලඟටම ඇවිල්ලා. මේ වෙද්දි හැම දෙනාම වගේ අලුත් අවුරුද්ද පිළිගන්න බලාගෙන ඉන්නෙ බොහොම උනන්දුවෙන්. කොහොම වුනත් දවසින් දවස වෙනස් වන ලෝකයේ අලුත් අවුරුද්ද පිළිබඳ තිබුනු බොහෝ චාරිත්‍ර වාරිත්‍ර,සිරිත් විරිත් හැඟීම් වෙනස් වෙමින් යන බවක් පේන්න තියෙනවා. මේ ගැන කතා කරන බොහෝ දෙනා කියනෙත් ඉස්සර සමරපු අලුත් අවුරුද්ද තරම් වර්තමානයේ සමරන අවුරුද්ද සුන්දර නෑ කියලා.
මේ ගැන නෙත් ගොසිප් පාඨකයෙකු අපවෙත එවූ  අපූරු සටහනක් පහතින්.
කෝ අවුරුදු... රතිඤ්ඤා සද්දෙ ඇහෙන්නෙත් දුරා වාරෙ... අහල ගම් හතකවත් කතුරු ඔන්චිල්ලාවක් නෑ... දාම් ලෑල්ල... ඔලිද ලෑල්ල... පංචි පෙත... දකින්නවත් නෑ... වල කජ්ජු ගහන්න... කජු ඇටයක් නෑ... අඩු ගානෙ... එදා වගේ කැටපොළක්වත්... ආසාවට දකින්න නෑ... කොහාගෙ හඩත් දැන් ඇහෙන්නෙ නැති තරම්... ඒත් එදා කොහාම තමයි... තාමත් ඇත්තෙ... ඒ පාටමයි... ඒ හඩමයි... ඒත් කොහාට නම් ලොකු වෙනසක් දැනෙනව ඇති... ගස් කොලන් කපල... මහ විනාශයක් කරල...
Image result for new year sri lanka
එදා... සොබා දහමත් එක්ක අවුරුදු සමරපු මිනිස්සු... අද ගොඩක් වෙනස් වෙලා... අපිටත් පුංචි කාලෙ මතක් වෙන්නෙ මේ වෙලාවට... අවුරුදු කාලෙ කියන්නෙ... අම්මට ගොඩක් වැඩ වැඩි කාලක්... ලිදෙන් වතුර ගෙනල්ල... ගෙවල් සේදුව... ගෙදර තියන හැමදේම පුළුවන් විදියට අළුත් කළා... අපි හැමෝම අම්මට උදව් කළා... මේ වැඩ වලට උදව් වෙන්න... තාත්තටත් වෙලාව තිබුන... අවුරුද්දට අම්ම හදපු... පැණි කැවුම් සුවද... තාමත් දැනෙනවා... අළුවා... කොකිස්...මුං කැවුම් රස...මතක් වෙද්දි... ම්ම්ම්ම්ම්......... කඩේ කැවුම් පැකට් එකේ ඒ සුවද වත්... රසවත් නෑ... බෙහෙත් ගහල ඉදවල කඩේ එල්ලෙන කැනෙන්... මිළට අරං එන කෙසෙල් ඇවරිය... වලේ දුම් පාල... කහපාටට ඉදවල ගන්න කෙසෙල් කැනේ අහලකින්වත් තියන්න බෑ...
අවුරුදු කාලෙ... තාත්තටත් බරටම වැඩ... කඩේ යන්න ඕන... ගෙදරට බඩු ගේන්න... අදත් සමහර තාත්තල බඩු ගේනව අවුරුද්ද සමරන්න... ඒත්... ඒ බඩුවලින් සතුටක් කියල දෙයක් දැනෙන්නෙ... ඒ තාත්තලාට හා ඒ තාත්තලාගේ යාළුවන්ට විතරයි... අපේ තාත්ත කවදාවත්... ඒ සතුට හෙවුවෙ නෑ... අපේ තාත්ත අවුරුද්දට සතුටු උනේ... ගෙදර හැමෝම එක්ක... අළුත් ඇදුම් ගේන්නෙත් තාත්ත.... තාත්ත ගෙනත් දුන්න... අළුත් ඇදුම්වල සුවද... තාම නහයට දැනෙනවා... අදත් රෙදි කඩවල්වල මිනිස්සු පිරිල... “හපොයි මෙහෙම වදයක්... මොන කරුමයක්ද... අවුරුද්දක් ඇවිත් අපි කන්න... හපොයි බඩුවල මිළ...” මෙහෙම කතා හැම තැනම ඇහෙන්න පටන් අරන්...
ගේන බඩු මළු දිහා බැලුවම පේනව... ඕන දේවල් වලට වඩා... ඕන නැති දේවල් වලින්... ඒ මළු පිරිල කියල... අරපරෙස්සම... අපෙන් ගිලිහිලා... ඒ නිසා වෙන්න ඇති අපට අවුරුද්ද... බරට දැනෙන්නෙ... එදා අපි.. සත පනහට... රුපියලට කැට ගැහුව... වල සල්ලි ගැහුවා... අවුරුදු මාසෙ ඉවර වෙන කොට - ගෙදර ඉස්සරහ දොරේ... කැට පාරවල්... දහස් ගාණක් වැදිල... තාත්තගෙ පොඩි සල්ලි ඉවර වෙනකල්... කැට ගහල... පරාද උනාම... මල්ලිලාගෙන් ණයට අරන් කැට ගහල ආයෙම...පරාද ගාන... කවර් කර ගත්තු... සුන්දර අතීතයකුත්... ආයෙත් මැවිල පේනවා... පුංචි කාලෙ... පංචි දැම්ම හැටි මතකයි තාමත්... උදේ හිස් බඩම සෙල්ලම් කරන්න පටන් ගත්තම... නවත්තන වෙලාව අපි දන්නෙත් නෑ... බැරිම තැන... පංචි කූට්ටම... අම්ම තලල දාපු... හැටිත් මතක් වෙනවා.... අපි එදා... වැඩිත් එක්ක සෙල්ලම් කළා.... අවුරුද්දට... ඒත් අද... කෝ ඒ සෙල්ලම්....
නොනගතේට නොකා ඉන්න එක තමයි... මට නම් අමාරුම වැඩේ... ඒත්... නැකතට කන්න... අම්ම හදන කිරි බතේ රස මතක් කරගෙන... ඒ අපහසුවත් මැඩ ගෙන අපි හිටියෙ... ගොඩක් සතුටින්.... රතිඤ්ඤා මහ ගොඩක් පත්තු උනා... බට කැලේට ගිනි ගත්ත වගේ... ඒ නැකැත් වෙලාව ආව නිසා... ගෙදර කවුරුත් ඒ වෙලාවෙ... කෑම මේසෙ ගාව... පෝලිමට හිටිය... අම්ම... තාත්තගෙන් පටන් අරං... අපි කාටත් කිරිබත් කට කට කැවුවා... “ඊළගට වැඩ අල්ලන්න...” අපි පොත් අරගෙන සුභ දිසාව බලාගෙන පාඩම් කළා... වැඩ අල්ලනකල් අපිට... කන්න ලැබෙන් නෑ... ඒ අම්මගෙ ආදරේ හැටි... තාත්ත උදැල්ලක් අරං... පුංචි වලක් කපල... පැලයක් හිටවලා වැඩ ඇල්ලුවා... පරිගණකෙන් වැඩ අල්ලනවට වඩා ඒක හරි සුන්දරයි... එදා මිනිස්සු අවුරුද්ද නිසා... සොබා දහමට... ගොඩක් ළං උනා... අම්මා ලිද එක්ක ගණු දෙනු කරල වතුර කලයක් අරං ආවා... “ටැප් වතුර බොන අපි ඕව දැකලවත් නෑ...”
මේව අහද්දි... අද පුංචි හිත් දුක් වෙන ඇති... ඔය අතරේ... තාත්ත බුලත් කොළේක ඔතල දුන්න... දහයෙ කොළෙයි... රුපියලේ කාසියයි... අපිට මහ මෙරක් වගේ... දැනුනා... අපි බුලත් අතක් දීලා... අමමගෙයි තාත්තගෙයි කකුල් දෙක අල්ල වැන්ද... අමමා බුලත් අතක් දීල... තාත්තටත් වැන්ද... ඒ කාලෙ අවුරුද්ද හරිම සුන්දරයි... ඒ අතීතය කවදාවත් එන්නෙ නෑ...
අදහස් වියමන  -  සන්නිවේදක ඉන්දික කළුආරච්චි.

No comments