Breaking News

පොදු රාජ්‍ය මණ්‌ඩලය ගැන ඔබ නොදැන සිටිය හැකි කරුණු හතක්‌


 පොදු රාජ්‍ය මණ්‌ඩලයට අයත් රටවල රාජ්‍ය නායකයෝ මෙවර එක්‌සත් රාජධානියේ ලන්ඩන් නුවරදී රැස්‌වෙති.

 මේ පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු කුමක්‌ද? මේ ඊට අදාළ තොරතුරුයි. 
 ලෝකයේ බිලියන 7.4 ක ජනගහනයෙන් තුනෙන් එකක්‌ පමණ එනම් බිලියන 2.4 ක පමණ ජනතාව්ක වෙසෙන්නේ පොදු රාජ්‍යමණ්‌ඩලයට අයත් රටවලය. ඉන් වැඩි දෙනා අවුරුදු 30 ට අඩු වයසේ පසුවෙති.
 ජනගහනය වැඩිම රට ඉන්දියාව ය. එහි ප්‍රමාණය පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සමස්‌ත ජනගහනයෙන් අඩකි. නමුත් සාමාජික රටවල් 31 තරම් ප්‍රමාණයක සිටින්නේ මිලියන 1.5 ක හෝ ඊට අඩු ජනගහනයකි.
 රුවන්ඩා සහ මොසැම්බික්‌ යන රටවල් පිළිවෙළින් 2009 හා 1995 දී පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සාමාජිකත්වය ලබා ගත්තද එම රටවල් කිසි දිනෙක බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට හෝ ව්‍යවස්‌ථාමය වශයෙන් සම්බන්ධයක්‌ නොවීය.
 මෙම රටවල් එකතුවේ ඇතැම් සාමාජිකයෝ එය හැර ගියහ. රොබට්‌ මුගාබේ 2003 වසරේදී සිම්බාබ්වේ ඉවත් කරගත්තේය. මැතිවරණ වංචා කළ බවට වූ වාර්තා හමුවේ එරට සාමාජිකත්වය අත්හිටුවීමෙන් පසු එය සිදුවිණි.
 1999 දී වූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව පාකිස්‌තානයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ අතර ඉන් වසර හතරහමාරකට පසු යලි එය පිරිනැමීය.
 අවසන්වරට පොදු රාජ්‍ය මණ්‌ඩලය හැර ගිය සාමාජික රට වූයේ මාලදිවයින ය. 2016 වසරේදී එය සිදුවිණි.
 පොදු රාජ්‍ය මණ්‌ඩලයේ රටවල් ගණනක්‌ ජනරජ වෙති. ලෙසොතෝ, ස්‌වාසීලන්තය, බෘනායි දාරුස්‌සලාම්, මැලේසියාව, සැමෝවා හා ටොංගා යන රටවල පමණක්‌ ඔවුන්ගේ කිරීටයක්‌ පවතී.
 ලෝක භූමි ප්‍රමාණය අතින් සලකන විට ඉන් හතරෙන් එකක්‌ පමණ පොදු රාH මණ්‌ඩලයට හිමි ය.
 භූමිය අනුව කණ්‌ඩායමේ විශාලතම සාමාජිකයා වන්නේ ලෝකයේ දෙවැනි විශාලතම රට වන කැනඩා ය. ඉන්දියාව හා ඔස්‌ටේ්‍රලියාව ද විශාලත්වයෙන් වැඩි සාමාජිකයෝ වෙති. නමුත් සාමාජිකයන් බහුතරය භූමි ප්‍රමාණය සලකන විට කුඩා ය. පැසිµsක්‌ දූපත් වන නාවුරු, සැමෝවා, ටුවාලු සහ වනුවාටු මෙන්ම කැරිබියානු දූපත් වන ඩොමිනිකා, ඇන්ටීගා සහ බාර්බූඩා ඒ අතර වේ.

No comments