Breaking News

මහින්දානන්ද වැලිකඩ යයි


ඇප කොන්දේසි සපුරා ලීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැලිකඩ බන්ධානාගාරයට රැගෙන ගොස් තිබේ.

ඒ, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දීමට නොහැකි වීම හේතුවෙනි.

හිටපු අමාත්‍යවරයාගේ විදේශ ගමන් බලපත්‍රය කොළඹ මහාධිකරණයට භාර දී ඇති බව, ප්‍රකාශ වුව ද ඒ බව සනාථ කර ගැනීමට නොහැකි විය.

ඒ අනුව, හිටපු අමාත්‍යවරයා වැලිකඩ බන්ධනාගාරයට ගෙන යාමට බන්ධනාගාර නිලධාරීහු ක්‍රියා කළහ.

සතොස මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් 35,000ක මුදල් ඇපයක්, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

සැකකාර හිටපු අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනම් කෙරුණු අතර මැයි 11 වනදා නඩුව යළි කැඳවීමට නියමිතයි.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත් අඩංගුවට ගනු ලැබී ය.

ඒ පසුගිය රජය සමයේ සතොස මුදල් භාවිත කර රුපියල් මිලියන 39ක ක්‍රීඩා උපකරණ ගෙන්වා දේශපාලන කටයුතු සඳහා බෙදාදීමේ චෝදනාව මතයි.

සිද්ධිය සම්බන්ධයෙන්, එවක සතොස හිටපු සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා පසුගිය 06 වනදා අත්අඩංගුවට ගැනිණ.

අනතුරුව ඔහු රුපියල් 25000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියා ය.

ඔහුගේ ද විදේශ ගමන් තහනම් කෙරිණ.

No comments