නවීන් දිසානායක ගිරයකට මැදි වෙයි... | Reporter නවීන් දිසානායක ගිරයකට මැදි වෙයි... - Reporter

Breaking News

නවීන් දිසානායක ගිරයකට මැදි වෙයි...


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩිම ප්‍රසාදය දිනාගත් පුද්ගලයා අමාත්‍ය නවීන් දිසානායක මහතා බැවින් එජාප මහලේකම් ධුරය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලබා දෙන ලෙස එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලීමක් කර තිබෙනවා.

එහෙත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය අමත්‍යවරයෙකු නොවන දේශපාලනඥයෙකුට පැවරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

එසේ වුවහොත් නවීන් දිසානායක මහතාට මෙම තනතුර බාරගැනීම සඳහා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සිදුවනු ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමසීමේදී නවීන් දිසානායක මහතා පැවසුවේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල ඉල්ලීමක් නොලැබුණු බවයි.

No comments