Breaking News

හෂීස් තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දියානු ජාතික කාන්තාවක් රේගු අත්අඩංගුවට


හෂීස් තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඉන්දියානු ජාතික කාන්තාවක කටුනායක ගුවන‍්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, එහි බර කිලෝග්‍රෑම් 8ක් වන අතර වටිනාකම රුපියල් මිලියන 3.5ක් වන බව ය.නවදිල්ලියේ සිට මෙරටට පැමිණි අදාළ කාන්තාව සිය යටිපතුලේ සඟවා හෂීස් තොගය මෙරටට ගෙනැවිත් තිබේ.ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ය.

No comments