Breaking News

තරුණ කත නාන හැටි වීඩියෝ කරපු අයෙකුට වැඩ වැරදුන හැටි

තරුණ කාන්තාවක් දිය නාමින් සිටින අයුරු ඉනිමගකට නැග ජංගම දුරකථනයික් පටිගත කළ බව කියන අයෙකුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (31) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම - බත්තුළුඔය පදිංචිකරුවෙක් වන අතර 34 හැවිරිදි සැකකරු එක් දරු පියෙකි.

සිද්දියට මුහුණ දී ඇත්තේ 25 හැවිරිදි එක්දරු මවක් වන අතර ඇයගේ සැමියා යුධ හමුදා සෙබළෙකු බව පොලීසිය පවසයි.

සැමියා නොමැති අවස්ථාවලදී සැකකරු තමන්ගේ නිවසට නිරන්තර පැමිණ අයුතු යෝජනා ඉදිරිපත් කරන බවත්,සිද්ධිය වූ දා තමන් නිවස ආසන්නයේ දිය නාමින් සිටින විට සැකකරු ඉනිමගකට නැග එම අවස්ථාව වීඩියෝ ගත කළ බවද සිද්ධියට මුහුණ දී ඇති කාන්තාව පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

No comments