ට්‍රම්ප් කුළුණ ගිනි ගනී.... | Reporter ට්‍රම්ප් කුළුණ ගිනි ගනී.... - Reporter

Breaking News

ට්‍රම්ප් කුළුණ ගිනි ගනී....


අමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි ට‍්‍රම්ප් ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්නකින් එහි පදිංචිව සිටි පුද්ගලයකු මියගොස් ගිනිනිවීමේ නිලධාරීන් 6 දෙනකු තුවාල ලබා තිබේ. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සතුව එම ගොඩනැගිල්ලේ නිවසක් හා කාර්යාලයක් පිහිටා තිබුණ ද ට‍්‍රම්ප් ඇතුළු පවුල වාසය කරන්නේ වොෂිංටනයේ ය.
ගින්න හටගෙන තිබුණේ 50 වැනි මහලේයි. ගින්න ඇතිවීමෙන් විනාඩි 45කට පමණ පසු එනම්, පුද්ගලයකු මියයාමේ පුවත පළවීමට පෙර ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබුණේ ”ට‍්‍රම්ප් කුළුණේ ගින්න නිමයි. වඩාත් ප‍්‍රමිතියෙන් යුතුව සැකසූ ගොඩනැගිල්ලක්. ගිනි නිවීමේ නිලධාරියා සහ කාන්තාව නියම විදියට රාජකාරිය කළා. ස්තූතියි” යනුවෙනි.
ඉන්පසුවත් ගිනිනිවීම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා පවසා තිබුණේ ගින්න මුළුමනින්ම පාලනය කළ බවට සහතික විය නොහැකි බවයි. මෙම ගොඩනැගිල්ල සතුව වතුර ඉසීමේ කේබල්, වතුර මල් ආදිය ස්ථාපනය කර නොමැති වීම නිසා ගින්න පාලනයට ඉතා අසීරු වී තිබේ.
ගින්න නිවීම සඳහා නිලධාරීන් 200 දෙනකු යොදවා තිබිණ. මෙම ගොඩනැගිල්ල නිවාස හා කාර්යාල ආදිය ඇතුළත්ව මහල් 58කින් යුක්ත වේ.

No comments