ෆේස් බුක් හිමිකරු අමෙරිකානු සෙනෙට් මණ්ඩලය හමුවට | Reporter ෆේස් බුක් හිමිකරු අමෙරිකානු සෙනෙට් මණ්ඩලය හමුවට - Reporter

Breaking News

ෆේස් බුක් හිමිකරු අමෙරිකානු සෙනෙට් මණ්ඩලය හමුවට


ලොව විශාලතම සමාජ ජාලයේ නියමුවා වන ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් අද(10) අමෙරිකානු සෙනට් මණ්ඩලය වෙත කැදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
ඒ ෆේස් බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහය.
 
33 හැවිරිදි සකර්බර්ග් හෙට දිනයේ එරට කොංග්‍රස් මණ්ඩලය හමුවේ පෙනී සිටීම ද තීරණය කර තිබේ.
 
අමෙරිකානු පාර්ලිමේන්තුවේ සාක්‍ෂි ලබාදීමට පෙර ඔහු ඊයේ දිනයේ දී සෙනෙට් සභිකයන් නිල නොවන මට්ටමින් හමු වූ බව ද සඳහන් වේ.

No comments