Breaking News

පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට.....


වී ගොවීන් සඳහා කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 කට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කලේ, අනෙකුත් අතිරේක බෝග සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කටත් අද මධ්‍යම රාත්‍රියේ සිට ලබා ගත හැකි බවයි. 
එම අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.
එහි දී තවදුරටත් ඔහු පැවසුවේ, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ මෙම යෝජනාව රජයේ පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට හිමිවන බවයි .
ඒ අනුව, මෙතෙක් පැවති පොහොර මිලදී ගැනීමට මුදල් ලබාදීමේ ක්‍රමය වෙනුවට නැවතත් ගොවිජනතාවට සහනාධාර පොහොර ලබාදීමට පියවර ගැනෙනනු අැති.

No comments