Breaking News

ෆේස්බුක් අඩවියට නව නීති පැනවීමේ සුදානමක්. මෙන්න සකර්බර්ග් කරන්න යන දේ

ෆේස්බුක් පරිශිලිකයින්ගේ දත්ත ආරක්ෂා කිරිමට තමන්ට හා තම සමාගමට මීට වඩා තවත් බොහෝමයක් දේ කිරීමට තිබුණු බවට එහි ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් විසින් අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට ලිඛිතව දන්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
මේ අතර ෆේස්බුක් සමාගමේ ප්‍රධානියා ඊයේ (09) දිනයේදි අමෙරිකානු නීතී සම්පාදකයින් මුන ගැසි සාකච්ජා කර තිබෙනවා.
” අපි අපගේ වගකීම් පිළිබදව පුළුල් පරාසයක් දැරුවේ නැහැ. එය අප අතින් උනු විශාලතම වැරැද්දයී. ඒක මගේ වරද, මට සමාවන්න. මම ෆේස්බුක් ආරම්භ කලා. එය පවත්වාගෙන යනවා, මෙහි වන සියළුම දේවල් ගැන මම වගකිවයුතු යැයී” මාර්ක් සකර්බර්ග් කියා සිටියා.
මෙම සතිය තුලදි මාර්ක් සකර්බර්ග් ගෙන් පැහැදිලි පිලිතුරක් නොලැබෙන්නෙ නම් අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් ෆේස්බුක් අඩවියට දැඩි නියාමනයන් සදහා නව නිති පැනවිමට සුදානම්ව සිටිනවා.
මේ වන විට ෆේස්බුක් සමාගම සතුව ආරක්ෂාව සහ අන්තර්ගතයන් සමාලෝචනය කිරිමට පුද්ගලයින් 15000ක් සේවයේ යොදවා ඇති බවත් මේ වසර අවසානය විමට පෙර එම සංඛ්‍යාව 20,000 දක්වා වැඩි කිරිමට බලාපොරොත්තු වන බවත්, සමාගම ලාභ ලැබිමට වඩා පරිශිලකයින් ගේ ආරක්ෂාව ගැන කටයුතු කිරිම වැදගත් බවයි මාර්ක් සකර්බර්ග් සදහන් කරන්නේ.
මේ වන විට මාසිකව ෆේස්බුක් වෙබ් අඩවිය භාවිත කරන පරිශිලකයින් සංඛ්‍යාව බිලියන 2.1ක් බව නවතම දත්ත මගින් තොරතුරු හෙලිවි තිබෙනවා.
මේ අතර විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ඉදිරි දින කිහිපය ෆේස්බුක් සමාගමට මෙන්ම එහි හිමිකරුට ඉතා වෙහෙසකර කාල සිමාවක් වනු ඇති බවයී.

No comments