විශ්වාසභංගයට මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ සහය වෙයි.... | Reporter විශ්වාසභංගයට මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ සහය වෙයි.... - Reporter

Hot News

විශ්වාසභංගයට මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ සහය වෙයි....


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට එරෙහිව ඡන්දය භාවිත කිරිමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ පවසති.
විශ්වාසභංග යෝජනා විවාදයේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
යහපාලන ආණ්ඩුවට පසුගිය ආණ්ඩුවටත් වඩා විවේචන තිබෙනවා. ජාතික ආරක්ෂාව බරපතල ගැටලුවකට පත්වෙලා තිබෙනවා. රණවිරුවන් සිරගත කරන තත්ත්වයට පත්ව තිබෙනවා. පසුගිය වසර තුන ඇතුළේ ආණ්ඩුව කරපු දේවල් අභියෝගයකට ලක්ව තිබෙනවා. ආණ්ඩුව පත්කරන්න පුරෝගාමී වූ මටම ඒක කියන්න වීම කනගාටුවක්. රට තිබෙන්නේ ඉතාම අස්ථවර තතත්වයක. ආණ්ඩුවට වගේම විපක්ෂයටත් වගකීමක් තිබෙනවා රට අස්ථාවර තත්ත්වයෙන් මුදවා ගැනීමට.

No comments