Breaking News

ශ්‍රී.ල.නි.ප. යෙන් එජාපයට එන්න ඉන්න අය ගැන අකිල කියයි....


අප්‍රේල් 4 පසු දිනන සටන ආරම්භ කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂය 2020 මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය ජය ගැනීමේ සටන අනිවාර්යයෙන්ම ආරම්භ කරන බව සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැට්ටේ එල්ලී ඉදිරියට යාමට උත්සහ කරන බවත් තව මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ අය සාදරයෙන් පිළිගන්නා බව අමාත්‍යවරයා පවසයි.

මහ බැංකු අධිපතිවරයා පත් කිරීම නීත්‍යානූකූලව සිදු වූ බවත් පසුගිය කාලවකවානුව දෙස බැලූ විට සුදුසුකම් අතින් වැඩිම මහබැංකු අධිපතිවරයා පත් කර තිබුණු බවත් පරීක්‍ෂණවලින් හෙළිවූ බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන්  වැඩිදුරටත් සඳහන් කර ඇත.

No comments