Breaking News

Breaking News :පාතාල නායක ආමි සම්පත්ගේ ප්‍රධාන සහයකයෙකු කොටු වෙයි


ප්‍රබල පාතාල නායකයෙකු වන ආමි සම්පත්ගේ ප්‍රධාන සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකරු සතුව තිබී T 56 ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ තොගයක් ද හමු වූ බවයි.

ජාඇළ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.මේ අතර පාතාල නායකයින් වන පෙතියාගොඩ සංඛ සහ කොස්මල්ලී යන අයගේ සහයකයෙකු ද අද අතුරුගිරියේදී අත්අඩංගුවට ගෙන තිබේ.එම සැකකරු සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ කේරල ගංජා කිලෝග්‍රෑම් 2ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

No comments