Breaking News

අගමැතිට එරෙහි විශ්වාසභංග විවාදය අදහස් - Live update





































































 
Updated: 04/04/2018 13:57
ආචාරය ජයම්පති වික්‍රමරත්න මහතා [එජාප] : : අන්තවාදී කොටස්වලට මුහුණ දෙයි... එවැනි අයට එරෙහිව කටයුතු කරයි කියලා හැට දෙලක්ෂය වූ ඡන්ද දායකයන් බලාපොරොත්තු වූවා. 
  •  
Updated: 04/04/2018 13:56
ආචාරය ජයම්පති වික්‍රමරත්න මහතා [එජාප] : අද කතා කිරීමේ නිදහස තිබෙනවා, ආණ්ඩුව විවේචනය කිරීමේ නිදහස තිබෙනවා. සුදු වෑන් එන්නේ නැහැ. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කෙරුවා. ආණ්ඩුවේ කන්තොරුවක තියෙන ඕනම ෆයිල් එකක තොරුතුරු ජනතාවට දැන ගන්න පුළුවන් වෙනවා. මීට පෙර එහෙම වුණේ නැහැ
Updated: 04/04/2018 13:41
පා.ම. චමල් රාජපක්ෂ මහතා [එජනිස] : අගමැතිවරයකුට ඉදිරිපත් වන තුන්වන විශ්වාසභංගය අද වත්මන් අගමැතිට එරෙහිව ඉදිරිපත්වෙන්නේ. පළමු 1957දී ඉදිරිපත් වුණා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගෙන ආවා. ඉන් පසුව 1975දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව.
  •  
04/04/2018 13:39
පා.ම. චමල් රාජපක්ෂ මහතා [එජනිස] : අද පාසල් ළමුන් සඳහා ගැලරි තහනම් කර තිබෙනවා. එය හොඳයි. නැත්නම් මේ මන්ත්‍රීතුමා කියන ඒවා ළමයා දුවනවා.
කතානායකවරයා : අද වැඩිහිටියන් විතරයි ඉන්නේ මන්ත්‍රීතුමා.
  •  
04/04/2018 13:37
තුෂාර ඉඳුනිල් මහතා කතාව අවසන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා කතාව ආරම්භ කරයි.
  •  
04/04/2018 13:36
පා.ම. තුෂාර ඉඳුනිල්[එ.ජා.ප.] : රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ කුකුළෙක්වත්, එළුවෙක්වත්, හරකෙක්වත් නෙවෙයි. ඔහු තුන් කුළුදුල් නායකයෙක්.
  •  
04/04/2018 13:35
පා.ම. තුෂාර ඉඳුනිල්[එ.ජා.ප.] : කෝප් කමිටුවේ සභාපතිකම ජනතා විමුක්ති පෙරමුණට දීලා, කොමිසන් සභා පිහිටුවලා, පඩි වැඩි කරපු නිසාද ගෙදර යවන්න හදන්නේ.
  •  
04/04/2018 13:33
පා.ම. තුෂාර ඉඳුනිල්[එ.ජා.ප.] : ෆවුසි ඇමතිතුමා කියනවා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිනවා කියනවා... ලක්ෂමන් යාපා අබේවර්ධන මැතිතුමා කියනවා විරුද්ධව ඡන්දය දෙනවා කියලා. දැන් මොකක්ද වුණේ... ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අටවපු උගුලෙන් කාටද පාඩු වුණේ. මතක තියා ගන්න අපිට ගපු බෝම්බේ ආපු එයාලටම පත්තු වෙලා තියෙනවා.
  •  
04/04/2018 13:31
පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සභාව අමතයි.
  •  
04/04/2018 13:22
පා.ම. බන්දුල ගුණවර්ධන [එ.ජ.නි.ස.] : පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනා 46ක් ඉදිරිපත් වෙලා තියෙනවා. අගමැතිවරුන් තුන් දෙනෙකුට විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. අමිර්තලිංගම් මහත්තයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විතරයි දිනලා තියෙන්නේ. 
  •  
04/04/2018 13:11
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සභාව අමතයි.
  •  
04/04/2018 13:11
අමාත්‍ය නවීන් දිසානායක මහතා කතාව අවසන් කරයි.
  •  
04/04/2018 13:09
අමාත්‍ය නවීන් දිසානායක මහතා [එ.ජා.ප.] :  ‘නඩු හබවලට මුහුණ දීලා තියෙන පිරිසක් තමයි මේකට මුල් වෙලා ඉන්නේ. ඒ චෝදනා වලට විසඳුමක් හැටියටයි විශ්වාස භංගය ඔවුන් බලන්නේ. යටින් තිබෙන්නේ වෙනම ගේම් එකක්.‘
  •  
04/04/2018 13:09
අමාත්‍ය නවීන් දිසානායක මහතා [එ.ජා.ප.] : දේශපාලන නායකයන් අතින් පත්වීම් කිරීමේදී අත්වැරදි වෙනවා. එතුමා අතිනුත් එහෙම අත්වැරදීමක් වෙන්න ඇති.
  •  
04/04/2018 13:07
අමාත්‍ය නවීන් දිසානායක මහතා [එ.ජා.ප.] : විශ්වාසභංග යෝජනාවට පක්ෂව වචනෙකින් හරි සහය දක්වන අයෙකුට හෘද සාක්ෂියට එකඟව මේ ආණ්ඩුව තුළ සිටිය හැකිද?
  •  
04/04/2018 13:06
එම්.ඒ. සුමන්තිරන් මහතාගේ කතාවෙන් අනතුරුව අමාත්‍ය නවීන් දිසානායක මහතා කතාව ආරම්භ කරන ලදී.

  •  
04/04/2018 12:59
හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණ තිබෙනවා. 
  •  
04/04/2018 12:39
විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 44කින් පරාජය වන බවත් යෝජනාවට විරුද්ධව ඡන්ද 122ක් ලැබෙනු ඇති බවත් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. 
  •  
04/04/2018 12:33
අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කතාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් මහතා කතාව ආරම්භ කරයි.
  •  
04/04/2018 12:28
විමල් වීරවංශ මහතාගේ කතාව අවසාන වීමත් සමග අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කතාව ආරම්භ කරන ලදී. සභාවෙන් ඝෝෂා
  •  
04/04/2018 12:28 news24.lk
විමල් වීරවංශ මහතාගේ කතාව අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ නම ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුවේ සිටිම ලැජ්ජා සහගත බව මීට පෙර ප්‍රකාශ කළද දැන් මෙවැනි පුද්ගලයන් සමග මෙවැනි පාර්ලිමේන්තුවේ සිටීම ඊටත් වඩා ලැජ්ජා සහගත බවය කියා සිටියා.
  •  
Updated: 04/04/2018 12:25
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා [එජනිස] : මහ බැංකු හොරකම සුළුපටු හොරකමක් නෙවෙයි. මෙතැන සිටින අය එහි අලාභය ගණනය කරගෙන ඉන්නවා අය කරනවා කියලා. මහ බැංකු හොරකමේ මහ මොලකරුයි මේ ආරක්ෂා කරන්නේ.
  •  
04/04/2018 12:23
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා [එජනිස] : ජනාධිපතිතුමාගේ පැත්තෙත් කචල්, සම්බන්දන් ඇමතිතුමාගේ පැත්තේ කචල්... එදා හිටපු හකීම් ඇමතිතුමා නෙවෙයි අද ඉන්නේ.
  •  
04/04/2018 12:17
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා [එජනිස] : විශ්වාසභංගයත් සමග ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය නැති වෙලා.
  •  
04/04/2018 12:14 news24.lk
විමල් වීරවංශ මහතාගේ කතාව අතරතුර ආනන්ද අලුත්ගමගේ මහතාගේ නම කියවීම සම්බන්ධයෙන් රීති ප්‍රශ්නයක් මතු කරමින් ආන්නද අලුත්ගමගේ මහතා කියා සිටියේ විමල් වීරවංශ මහතා පවසන පරිදි තමා මුදල් ලබානොගත් බවත් එය ප්‍රතික්ෂේප කරන බවයි.
  •  
04/04/2018 12:12 news24.lk
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා [එජනිස] : අගමැතිතුමා කතා නොකරපු මන්ත්‍රීවරුන්ට කතා කරන්න සති දෙකක් අපි උදාකර දුන්නා... අගමැතිතුමා හමු නොවූ මන්ත්‍රීවරුන්ට හමුවෙන්න සති දෙකක් අපි උදාකර දුන්නා.
  •  
04/04/2018 12:08 news24.lk
අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ කතාවෙන් අනතුරුව විමල් වීරවංශ මහතාගේ කතාව ආරම්භ කරන ලදී. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් උද්ගත විය.
  •  
04/04/2018 12:08 news24.lk
මෙම විශ්වාසභංග යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් බවට පත්ව ඇති බවත් ඊට සහය දක්වන බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා කියා සිටියා.
  •  
Updated: 04/04/2018 11:51
ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කතාව අවසන් කළ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය රවුෆ් හකිම් මහතා කතාව ආරම්භ කරයි.
  •  
04/04/2018 11:49
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන්ගේ මුහුණු නොසතුටින් බව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමට ඡායාරූපයක් එක් කරමින් පවසනවා.
  •  
04/04/2018 11:44
පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක [ජ.වි.පෙ.] :  මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කල්ලිය විසින්. එය මම වගකිමෙන් යුතුව ප්‍රකාශ කරනවා.
  •  
04/04/2018 11:38
පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක [ජ.වි.පෙ.] : විශ්වාසභංග යෝජනාවට තබා ඇති අත්සන් 55න් පළමු වැන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ. එම නිසා මෙම විශ්වාසභංගය ජනපතිගේ විශ්වාසභංගයක්.
  •  
04/04/2018 11:34
පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක [ජ.වි.පෙ.] : රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත්වම රාජපක්ෂ පවුලේ ආය ආරක්ෂා කළා. දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මහන්සි වුණේ නෑ. එහිදීත් ජනවරම පාවාදුන්නා. සරසවි සිසුන් අවුරුද්දක් පාරේ තැබුවා. ජාතික සම්පත් විකුණා දැම්මා. එලෙස විකුණා දැමීමේදීත් හොරකම් කළා. එම නිසා මෙම විශ්වාසභංගයට තවත් එකතු විය යුතු දේවල් තියෙනවා.
  •  
04/04/2018 11:32බිමල් රත්නායක - ජනතා විමුක්ති පෙරමුණ
2015 ජනාධිපතිවරණයේදී දුන් ජනවරම රනිල් වික්‍රමසිංහ මහතා පාවාදුන් බව බිමල් රත්නායක මහතා පවසයි.
  •  
04/04/2018 11:28
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කතාව අවසන් කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කතාව ආරම්භ කරයි.
  •  
04/04/2018 11:27
විශ්වාසභංග යෝජනාව මගින් ඉලක්ක කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියා. 
  •  
04/04/2018 11:16මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා
මහින්ද රාජපක්ෂ මහත්තයා 2005දී මට කිව්වා මංගල කොහොම හරි අපි මේක ගන්න ඕන කියලා. මේවගේ පක්ෂයක අපේක්ෂකයා වුණාම දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් කියලා. ඒ වෙලාවේ මං ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා. ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ට හොඳට සල්ල ලැබෙනවා ඉතින් දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් කියලා කිව්වා
  •  
04/04/2018 11:03
විපක්ෂ නායක ආර්. සම්බන්ධන මහතාගේ කතාව අවසන්වීමෙන් පසුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කතා ආරම්භ කරයි.

  •  
04/04/2018 10:53ආර්. සම්බන්ධන් - විපක්ෂ නායක
දූෂණයට තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බවත් මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් බැලූ විට එය දේශපාලන න්‍යාය පත්‍රයක් බවට පැහැදිළි බවද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කියා සිටියා. 
  •  
04/04/2018 10:37
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේදී විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා කතාව ආරම්භ කරයි.
  •  
04/04/2018 10:36සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා පරාජයට පත්වූ ආකාරයකින් යෝජනාව ඉදිරිපත් කළ බව කියා සිටියා.
  •  
04/04/2018 10:24
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් ස්ථිර කරන ලදී.

  •  
04/04/2018 10:23
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
  •  
04/04/2018 10:22 news24.lk
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඇරඹෙයි

No comments