O/L නැවත සමීක්ෂණ අයැදුම් කිරීම හෙටින් අවසන්... | Reporter O/L නැවත සමීක්ෂණ අයැදුම් කිරීම හෙටින් අවසන්... - Reporter

Breaking News

O/L නැවත සමීක්ෂණ අයැදුම් කිරීම හෙටින් අවසන්...


2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙටින් අවසන් බව විභාග දෙලාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත ප්‍රකාශ කළේ, පෞද්ගලික අයැදුම්කරුවන්ට අප්‍රේල් 12 වන දා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම් කළ හැකි බව ය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 688,573 දෙනෙකු පෙනී සිටි අතර සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් සිසුන් සංඛ්‍යාව 9960කි.

No comments