අලුත් අවුරුද්දේ එළියට එන මෙගා මියුසික් වීඩියෝව (PHOTOS) | Reporter අලුත් අවුරුද්දේ එළියට එන මෙගා මියුසික් වීඩියෝව (PHOTOS) - Reporter

Breaking News

අලුත් අවුරුද්දේ එළියට එන මෙගා මියුසික් වීඩියෝව (PHOTOS)



සිංහල දමිළ නව වසරේ සියල්ලන්ටම අමතක වී යන කොළඹ මහ නගරය අවුරුදු සිරියෙන් ප්‍රභාවත් කිරීමේ අරමුණ ඇතිව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය "සූර්යාභිෂේකය 2018" නමින් සුවිශේෂී නව අවුරුදු වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ. 

එම වැඩසටහනට සමඟාමීව දිවයිනේ ජනප්‍රියම ගායක ගායිකාවන් රැසකගෙ දායකත්වයෙන් සහ හෙල සංස්කෘතිකාංග වල අගය විඳහා දක්වමින් ගීත රූපරචනයක් නිර්මාණය කෙරෙන අතර පසුගියදා එහි රූගත කිරීම් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිදු විය.

දිවයිනේ නිර්මාණාත්මකම ගීත රූපරචන සමාගම වන ඩුවෙල් කෝ විසින් මෙහි නිශ්පාදන කටයුතු සිදුකරන අතර ගීත රචනය ඩිලාන් ගමගේ විසින් සිදුකර තිබේ. සංගීතය සදීප්ත ගුණවර්ධනය. 

රෝහණ බැද්දේගේ, තීක්ෂණ අනුරාධ, සශිකා නිසංසලා, රොමේෂ් සුගතපාල, විරාජ් පෙරේරා, අශාන් ප්‍රනාන්දු, උදේෂ් ඉන්දුල සහ දිල්කි උරේෂා මෙම ගීතයට ගායනයෙන් දායකවි තිබේ. 

මෙම ගීතයේ රූප රචනය සිදුකල අපේ ගම පරිශ්‍රයේදී ලබාගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ. 













No comments