ලොවම භීතියට පත් කරමින් රසායනික ගෑස් අවි ප්‍රහාරයකින් සිරියාවේ ළමුන් ඇතුළු මහලු පුද්ගලයින්ගේ සම නිල්පැහයට හැරෙයි...(PHOTOS) | Reporter ලොවම භීතියට පත් කරමින් රසායනික ගෑස් අවි ප්‍රහාරයකින් සිරියාවේ ළමුන් ඇතුළු මහලු පුද්ගලයින්ගේ සම නිල්පැහයට හැරෙයි...(PHOTOS) - Reporter

Breaking News

ලොවම භීතියට පත් කරමින් රසායනික ගෑස් අවි ප්‍රහාරයකින් සිරියාවේ ළමුන් ඇතුළු මහලු පුද්ගලයින්ගේ සම නිල්පැහයට හැරෙයි...(PHOTOS)


සිරියාවේ ඩුමා නගරයට එල්ල කරනුලැබූ රසායනික අවි ප්‍රහාරයන්ගෙන් 70 කට වඩා අධික ප්‍රමාණයක් කුඩා-ළමුන් ඇතුළු මහලු වයස්‌ පුද්ගලයින්ගේ සම නිල්පැහයට හැරෙමින් පවතින බවට Chemical-weapon watchdog the OPCW සංවිධානය පවසා සිටිනවා.

මෙම රසායනික ගෑස් අවි ප්‍රහාරය හේතුවෙන් කාන්තාවන් හා ළමුන් ස්වසන අපහසුතාවලින්ද පෙලෙන බවයි වාර්තා වෙන්නේ.
මෙම විෂ වායු ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප්, සිරියා ජනාධිපතිවරයාට සහ රජයට චෝදනා එල්ල කර තිබේ. ට්‍රම්ප් මේ හේතුවෙන් සිරියානු ජනාධිපතිවරයා සමාන කර ඇත්තේ ‘තිරිසන් සතෙක්‘ ලෙසයි.

රුසියාවේ සහාය ලබන සිරියා හමුදා මෙය සිදු කරන්නට ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටි. පසුගියදා එල්ල වූ මෙම විෂ වායු ප්‍රහාරයෙන් පුද්ගලයින් හැත්තෑ දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වීමට ද නියමිතයි.

බොහෝ රටවල නායකයින් මෙම ප්‍රහාරය හදුන්වා දී ඇත්තේ “ජාත්‍යන්තර මානුෂීය නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්‘‘ ලෙසයි.

No comments