SEX – වෙසක් සහ සිදුහත් යශෝධරා | Reporter SEX – වෙසක් සහ සිදුහත් යශෝධරා - Reporter

Breaking News

SEX – වෙසක් සහ සිදුහත් යශෝධරා


සාමාන්‍යයෙන් මේ ලෝකයට ඇලිලා ගැලිලා ඉන්න තියෙන ලොකුම බැඳීම තමයි කාම බැඳීම. ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන් හෝ සම ලිංගිකයන් අතර තියෙන ඕනෑම විදියක ලිංගික සම්බන්ධතාවයක් කාමුක බැඳීමක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ ලෝකයේ ඉන්න සියයට 99.99ක් ම මොන විදියකින් හරි කාමුක බැඳීමකට ඇලිලා ගැලිලා ඉන්නවා කිව්වොත් අපි නිවැරදියි මොකද, කායිකව බැරි නම් මානසිකව හරි ලිංගික පහස විඳින්නට මානවයා කියන ජීවියා හැඩ ගැහිලා තියෙනවා.
මේ ලිංගිකත්වය එහෙමත් නැත්නම් sex කියන දේ දැන් වල් කමක් විතරක් වෙලා. ඒ තරමටම sex කියන දේ සාමාන්‍ය සමාජය මතුපිට අප්‍රසන්න දෙයක් එහෙමත් නැත්නම් අසම්මත දෙයක් විදියට ලේබල් ගහලා තිබුනත් හැමෝගෙම හිත ඇතුලේ sex ජීවත් වෙනවා. හැබැයි sex කියන්නේ එහෙම ජරා ජීරණ වෙන්න ඕන දෙයක් නෙමෙයි. ළමා හා කාන්තා දූෂණ, online sex, ලිංගික අපරාධ, නිල් චිත්‍රපට නෙමෙයි sex කියන්නේ. sex කියන දේ සම්පුර්ණ වෙන්නේ එකිනෙකාට තියෙන ආදරය, ප්‍රේමය වගේ හැඟීම් සමුදායක් එක්ක.
sex කියන්නේ ධර්මයක් වගේ සුන්දර දෙයක්. sex කියන්නේ වෙනස් විදියේ ආගමක්, sex කියන්නේ වෙනමම විද්‍යාවක්, sex කියන්නේ වෙනමම දේශපාලනයක්, sex කියන්නේ වෙනමම කතාන්දරයක්. හැබැයි මේ හැම දෙයක්ම අත්දකින්න පුළුවන් වෙන්නේ ආත්මාර්ථකාමී කාමුකත්වය මත පදනම් වෙලා නෙමෙයි. මේ අපි කියන්න හදන කතාවට හොඳම උදාහරණය තමයි සිදුහත් සහ යශෝධරා.
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන විදියට සිදුහත් සහ යශෝධරා ආත්ම ගණනාවක ආදරයක් සමඟින් සිදුහත් බුද්ධත්වය ලබන ආත්මය තෙක් පෙරුම් පුරාගෙන පැමිණි ආදරණීය යුවලක්. මේ ආත්ම ගණනාව පුරාම ඔවුන් ලිංගිකව, කාමුක බැඳීමෙන් බැඳිලා උන්නා. ඒ ලිංගික බැඳීමට ඔවුන්ගේ ආදරය විශාල වටිනාකමක් එකතු කළා.
අවසන් ආත්ම භවයේදීත් සිදුහත්ගේ සෙවනැල්ල වූ යශෝධරා සිදුහත් සමඟ රාගික, කාමුක ලිංගික ජීවිතයක් ගත කළා. ඔවුන් උත්තරීතර ආදරයකින් වෙලී සිටියා. නමුත් විවාහ ජීවිතය ගැන සිදුහත්ගේ වැඩි ඇල්මක් නොවූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වුනත් ඔවුන්ගේ ප්‍රේමය සුන්දර සුන්දර වූ බව සඳහන් වෙනවා. සිදුහත් තමන්ව අත්හැර තපසට යන බව දැන දැනත් යශෝධරා සිදුහත්ට ආදරය කළා. නමුත් සිදුහත්ව නැවත්වීමට යශෝධරාගේ ආදරය හෝ ඔවුන්ගේ කාමුක බැඳීම ප්‍රමාණවත් වුනේ නැහැ. මොකද සිදුහත්ට ලෝක සත්ත්වයා වෙනුවෙන් ඊටත් වඩා ප්‍රභල ප්‍රේමයක් තම හදවතේ තිබුනා.
සිදුහත් යශෝධරා හැර යන මොහොතේ සහ ඉන් පසුවටත් සිදුහත් යශෝධරා ආදර කතාව නිමා වුනේ නැහැ. සිදුහත් බුද්ධත්වය ලැබුවාට පසු යශෝධරාවන් සසරින් එතෙර කිරීම දක්වාම ඔවුන්ගේ ආදරය පැවතුනා. හැර යාමම ආදරයක් වුනේ, සසරින් එතෙර කිරීමම ආදරයක් වුනේ ඒ විදියටයි.
ලිංගිකත්වය කියන්නේ ආදරයේ කොටසක් වුනාට ආදරය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි. ආදරය කියන්නේ ප්‍රේමයේ කොටසක් වුනත්, ප්‍රේමය කියන්නේ ආදරයම නෙමෙයි. ප්‍රේමය ඊටත් එහා ගිය උත්තරීතර දෙයක් කියලා සිදුහත් සහ යශෝධරාගේ සම්බන්ධතාවය ඔප්පු කරලා තියෙනවා. ඒ ආදර කතාව ප්‍රේම පාරමිතාවක් විදියට අද වගේ(වෙසක්) දවසක බුදු වීම තුලින් සදාතනික වුනේ අන්න ඒ විදියටයි. එතකොට sex කියන්නේ ආදරයේ තියෙන උතුම් බවේ සංඛේතයක් වගේම ආදරයට එපිටින් තියෙන උත්තරීතර ප්‍රේමයට අත්හැරීම තුලින් ගමන් කරන ආකාරය කියා දෙන එක කොටසක්.
ප්‍රේමය,
ඉවසිලිවන්තය, කරුණාවන්තය.
ප්‍රේමය,
ඊර්ෂ්‍යා වන්නේ නැත.
පාරට්ටු කරගන්නේ නැත.
උඬඟු වන්නේ නැත.
ප්‍රේමය,
අවිනීත නොවේ.
ආත්මාර්ථාකාමී ‍නොවේ.
හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගනියි.
ප්‍රේමය,
අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී,
හරි දේ ගැන ප්‍රීති වෙයි.
ප්‍රේමය,
සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි,
විශ්වාසයට ඉමක් නැත,
බලාපොරොත්තුවට නිමක් නැත,
ඉවසීමට අගක් නැත.
ප්‍රේමය සදාතනිකය….

Sexedu.lk

No comments