UPDATE : නකල්ස් රක්ෂිතයේදී අතුරුදන්වූවන් හමුවෙති... | Reporter UPDATE : නකල්ස් රක්ෂිතයේදී අතුරුදන්වූවන් හමුවෙති... - Reporter

Breaking News

UPDATE : නකල්ස් රක්ෂිතයේදී අතුරුදන්වූවන් හමුවෙති...


නකල්ස් රක්ෂිතයේ සංචාරයක නිරතව සිටියදී අතුරුදන්ව සිටි තරුණයින් 7 දෙනා හමුවී ඇත.පොලීසිය සඳහන් කළේ, ඔවුන් අද (09) පස්වරුවේ බඹරැල්ල ප්‍රදේශයේදි සොයා ගත් අතර ඔවුන්ගේ ජංගම දුරකතනවල සංඥා ක්‍රියා නොකිරීම හේතුවෙන් ඔවුන් සමග පැවැති සබඳතා ඇනහිට ඇති බවයි.

අතුරුදන් වූ පුද්ගලයින් හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය ප්‍රකාශ කළේ, පසුගිය 06 වන දා ඔවුන් නකල්ස් රක්ෂිතය තරණය කිරීමට පිටත්ව ගොස් ඇති බවයි.ඔවුන් සොයා යුද හමුදාව සහ පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ ය.

--------------------------------------------------------------------------------------------------------------------
නකල්ස් ගිය 7ක් අතුරුදන්....

මහනුවර පන්විල ප්‍රදේශයෙන් නකල්ස් රක්ෂිතයේ සංචාරයේ නිරත පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ, හෝමගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි.
ඔවුන් සොයා යුද හමුදාව සහ පොලීසිය විශේෂ මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

No comments