Breaking News

අවුරුදු සැමරුමට ප්‍රමිතියක් ලබා දෙමින් සංචාරකයින්ගේ අවධානය දිනාගන්නවා - ඇමති චම්පික "සූර්යාභිෂේකය" ගැන කියයි. (VIDEO)



ලෝකයේ බොහෝ රටවල නව අවුරුදු සැමරීම සඳහා අගනුවරට සංචාරකයින් පවා පැමිණෙන යුගයක  කොළඹ නගරය අලුත් අවුරුදු උදාව සමඟ පාළු ස්වභාවයක් ගන්නා නිසා මේ වසරේ සිට එම තත්වය වෙනස් කරමින් කොළඹ නගරය සිංහළ දමිල නව අවුරුදු උත්සව සමයේදී ආකර්ශණීය නගරයක් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කලා. ඒ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එළඹෙන අප්‍රේල් 08 වන ඉරිදා, කොළඹ 07 නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය කේන්ද්‍රගත කරගනිමින් "සූර්යාභිෂේකය 2018" නව අවුරුදු සැමරුම් උළෙල මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මකකිරීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කර ඇත.



ඉහළ ප්‍රමිතියකින් යුතු නව අවුරුදු සැමරීම් අත්දැකීමක් කොළඹ නගරවාසීන්ට, විදේශ සංචාරකයින්ට සහ කොළඹට පැමිණෙන සියලු ජනතාවට ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ. 

එම මාධ්‍ය සාකච්ජාවේදී අමාත්‍යවරයා පළකල අදහස් සහිත සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ. 


No comments