අමෙරිකා,බ්‍රිතාන්‍ය, ප්‍රංශය අධි ප්‍රහාරක යානා යොදා ගනිමින් සිරියාවට එරෙහි යුද්ධය පටන් ගනියි..!(VIDEO) | Reporter අමෙරිකා,බ්‍රිතාන්‍ය, ප්‍රංශය අධි ප්‍රහාරක යානා යොදා ගනිමින් සිරියාවට එරෙහි යුද්ධය පටන් ගනියි..!(VIDEO) - Reporter

Hot News

අමෙරිකා,බ්‍රිතාන්‍ය, ප්‍රංශය අධි ප්‍රහාරක යානා යොදා ගනිමින් සිරියාවට එරෙහි යුද්ධය පටන් ගනියි..!(VIDEO)



අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව සිරියාවේ ඒකාධිපති පාලක බශාර් අල් අසාද්ගේ හමුදාවන් සහ ඔවුන්ගේ හමුදාවන් යටතේ පාලනය වන විෂ රසායනික ගබඩාවන් ඉලක්ක කර ගනිමින් අද (14) සිට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිට සුළු මොහොතකට පෙර ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටියා.


” සිරියාවේ ජනාධිපති බශාර් අල් අසාද් ගේ රසායනික අවි සහ එම කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නැයි” තම හමුදාවන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (14) නියෝග කල බව ඔහු ජාතිය අමතමින් කියා සිටියා.
පළමු ලෝක යුද්ධයෙන් මිලියනයකට ආසන්න පිරිසක් මෙලෙස විෂ වායු ප්‍රහාරවලින් මිය ගිය බවට සිහිපත් කල අමෙරිකානු ජනාධිපතිවරයා සිරියාවේ සිදුවන සමුල ඝාතනයන් සම්බන්ධයෙන් ඔහු සෘජුවම රුසියාවට සහ ඉරානයට චොද්නා කළා.
සිරියාවට එරෙහිව සිදුකරන ප්‍රහාරයන්ට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයද එක්ව සිටින බවත් ඒ පිළිබඳව තම ස්තුතිය පලකරන බවත් මෙහිදී සඳහන් කළා.මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවමින් කියා සිටියේ ඉදිරියේදී ඔවුන්ට එරෙහිවද යුධමය පියවර ගැනීමට අමෙරිකාව පසුබට නොවන බවයි.
සිරියාවට එරෙහිව අමෙරිකාව ඇතුලු ඒකාබද්ධ මෙහෙයුම් සදහා බි-1 වර්ගයේ අධි ප්‍රහාරක ගුවන් යානා සහ ප්‍රහාරක නැවු යොදා ගන්නා බවට අමෙරිකාවේ උසස් හමුදා නිළධාරියෙක් CNN ප්‍රවෘත්ති සේවයට කියා තිබෙනවා.
“අද දවසේ විතරක් එල්ල වන ප්‍රහාරය ගැන හිතන්න එපා. මෙය මෙතනින් අවසන් නොවෙන බවයි කිමට ඇත්තේ” අමෙරිකානු හමුදා ප්‍රධානියා CNN වෙත වැඩිදුරටත් කියා තිබෙනවා.
ඉදිරි පැය 24 ගැන අපි ඉතා අවධානයෙන් පසුවනවා. මන්ද සිරියාවට එරෙහිව හමුදා ප්‍රහාර එල්ල කිරිමත් සමග රුසියාවේ හැසිරිම කොයි වාගේද කියා.. අපි විමසිල්ලෙන් බලා සිටිනවා යැයි අමෙරිකාවේ උසස් රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙක් මෙහිදි කියා තිබුණා.
සිරියාවට එරෙහි හමුදා මෙහෙයුම් ගැන බ්‍රිතාන්‍යයේ සහභාගිත්වය මිට සුළු මොහොතකට පෙර අගමැතිනි තෙරේසා මේ විසින් තහවුරු කරනු ලැබුවා.
අමෙරිකාව විසින් මේ වන විටත් සිරියාවේ හඳුනාගත් ස්ථාන වෙත එල්ල කරමින් ඇති ප්‍රහාර සඳහා රතු මුහුදේ ස්ථාන ගත කර තිබෙන අමෙරිකානු යුද නෞකාවක් භාවිතා කර තිබෙනවා.
කෙසේවෙතත් අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව එල්ල කරන මෙම ප්‍රහාරයන්ට ඉදිරියේදී ප්‍රතිචාරයන් ලැබෙනු ඇති බවට අමෙරිකාවේ සිටින රුසියානු තානාපතිවරයා වන අන්ටෝලි අන්ටොනෝ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කරනවා.
(අදාළ යානාවල කළින් සැකසූ වීඩියෝවක් පහතින් දැක්වෙයි)

No comments