Breaking News

ඉදිරි පැය 24 ගැන කාලගුණ අනාවැකිය මෙන්න - දිස්ත්‍රික්ක 5කට රතු නිවේදන

feature-top



දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (25) පෙරවරු 5.30 නිකුත් කර ඇති කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 සහ 150දක්වා වූ වැසි ඇතිවිය හැකිය. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. යාපනය, මන්නාරම, මුලතිව් දිස්ත්‍රික්කවල උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකිය.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කලූතර සහ ගාල්ල යන දිස්ති‍්‍රක්ක වලට නිකුත් කර ඇති නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනය තවදුරටත් වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස පැවසුවේ වැසි පවතින සෙසු දිස්ති‍්‍රක්ක වල ජනතාවද පස් කන්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පොළව ගිලා බැසීමේ තත්ත්වයන් පිළිබඳ අවදානයෙන් කටයුතු කළ යුතු බවයි. 


(under the courtesy of nethnews.lk news web)

No comments