Breaking News

ආණ්ඩුව භාරගන්න කියල මිනිස්සු මට නිතරම කියනවා-මහින්ද

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 16 දෙනා සමග එක්ව ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශී කර ගනිමින් මහ මැතිවරණයක් දිනා ගැනීමට කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සමග පෙරේදා (2) පැවැති සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.

Image result for mahinda

“මේ ආණ්ඩුව කැබිනට් එකේ ඔළු ගෙඩි මාරු කරමින් එක් එක්කෙනා සතුටු කරල ආණ්ඩුවේ බලය රැක ගන්නයි හදන්නෙ. රටේ ජනතාවගේ ප්‍රශ්න ඔවුන් සම්පූර්ණයෙන්ම අමතක කරලා. මේ රජයට මොන දේ කරලවත් ඉදිරියට යන්න බෑ. ජනතාව අපි යන යන තැනදී ආණ්ඩුව බාර ගන්න කියනවා. දැන් ජනතාවටත් පක්ෂ බේදයෙන් තොරව ආණ්ඩුව එපා වෙලා යැයිද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත.
මෙම රැස්වීමේදී මැයි 07 දා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඒකාබද්ධ මැයි රැලිය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝව කරුණුූ සාකච්ඡා වී ඇති අතර මැයි 8දා  පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියා කලාපයද පිළිබඳවද සාකච්ඡා වී තිබේ.

මෙම සාකච්ඡාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුවේ ඇමැති සංශෝධන දැන් විහිළුවක් බවට පත් වී ඇති බවය. “මම නම් මේ වාගේ අමාත්‍ය මණ්ඩල සංශෝධන ජීවිතේට දැකල නෑ. දැන් මේ ආණ්ඩුවේ නායකයෝ දෙන්න වඩු මඩුවකට යවන්න ඕනේ. මොකද මේ අයට කැබිනට් කඩන්න හදන්න හොඳ පළපුරුද්දක් තිබෙනවා” යැයි මන්ත්‍රීවරයා කීවේය.
“මේ රජය අවුරුදු තුනකට පස්සේ විද්‍යාත්මක කැබිනට් එකක් හදනවා කියල ඔන්න දැන් ඒකත් කළා. දැන් ඉතින් ගස් වල මල් පිපිලා ගෙඩි ඇවිල්ලා. වසන්තය උදා වෙයි කියල තමයි මේ අය හිතාන  ඉන්නෙ. මේ රජයට කිසිම  දෙයක් හරියට කරන්න බැරි නොහැකිවක් තිබෙනවා.  මේ රජයේ අන්තිම කැබිනට් සංශෝධනය වෙන්න ඇති. ජනතා ප්‍රශ්න අමතක කරන මේ රජයට තවත් ඉදිරියට යන්න බෑ.” යනුවෙන් මාධ්‍ය සමඟ අදහස් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාය.

ජයසූරිය උඩුකුඹුර

No comments