Breaking News

රටවල් දෙකකට අයිති බෝඩිමේ ඇන්ටි

මේ කතාබහට එක්වන සංගීතා තදානි සමහරවිට ඔබට හමුවී ඇත්තේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේදී වෙන්නට පුළුවන්. මේ ටෙලි නාට්‍යයේ බෝඩිමේ ඇන්ටි ලෙස රගපාන්නේ ඇයයි. ඒ විතරක් නොවෙයි, මේ දිනවල තිරගත වන බිම්බාදේවි හෙවත් යශෝධාර චිත්‍රපටයේ මහා ප්‍රජාපතී ගෝතමිය ලෙසිනුත් ඇය ඔබට දැකබලා ගත හැකියි.
යශෝධරා චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ වරයාගෙන් තමයි මට මේ ආරාධනාව මුලින්ම ලැබුණේ. සුනිල් සර්ට ඔයාව හම්බවෙන්න ඔ්නේ කියනවා. ඔයා සුනිල් සර් එක්ක කතා කරලා මේ චරිතේ කරන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න කියලා එතුමා මට කිව්වා. ඒ කියපු විදියට මමත් සර්ව මුණගැහිලා කතා කළා. එතකොට මට හිතුණා ඒ චරිතේ මට සාර්ථකව කරන්න පුළුවන් වෙයි කියලා. ඒ විදියට තමයි මම ප්‍රජාපතී ගෝතමිය වුණේ.
නිළියක් වූ පමණින් මෙබදු වන්දනීය චරිතයකට පණ පෙවීම ලෙහෙසි නැහැ. කොහොමද ඔබ ඒ අභියෝගය ජයගත්තේ ?
මෙතෙක් කල් මම රගපෑ චරිතවලට වඩා ප්‍රජාපතී තෙරණියගේ චරිතය හාත්පසින්ම වෙනස්. ඒ නිසා විශාල අභියෝගයක් එක්ක තමයි මම චරිතය භාරගත්තේ. ඓතිහාසික කතාවලින් එතුමිය ගැන අහලා තිබුණට ප්‍රජාපතී ගෝතමිය මොන වගේ කෙනෙක්ද කියලා මම හැබැහින් දැකලා තිබුණේ නැහැනේ. ඒ නිසා මම ප්‍රජාපතී බවට පත්වුණාට පස්සේ මම ඒ චරිතෙත් එක්ක ගැඹුරින් ජීවත් වුණා. ඒ හරහා මට ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණා කියලා හිතෙනවා.
මේ දවස්වල ඔබ රගපෑ චරිතයට ලැබෙන ප්‍රතිචාර මොනවගේද ?
ඇත්තම කියනවා නම් ගොඩක් හොදයි. බලපු හැමෝම කිව්වා. සංගීතා ඔයා හොදට ඇක්ට් කරලා තියෙනවා කියලා ක්ෂේත‍්‍රයේ බොහෝ පිරිසක් මට කතා කරලාම විෂ් කළා. මගේ කලා ජීවිතයට ලැබුණ ලොකුම ආලෝකය මේ චරිතය කියලයි මම දැන් නම් හිතන්නේ.
ජීවිතේ පළවෙනි වතාවට ඔබ මේ චරිතය වෙනුවෙන් සිවුරක් පටලවා ගන්නවා. මොනවගේ හැගීමක්ද ඒ වෙලාවේ ඇති වුණේ ?
සිවුර කියන්නේ අති පූජනීය වස්ත්‍රයක්. ඒ පූජනීය වස්ත්‍රය සාමාන්‍ය කාන්තාවක් විදිහට මට දරන්න ලැබුණේ මම රංගන ශිල්පිනියක් වූ නිසානේ. ඒ නිසා රංගන ශිල්පිනියක් වූ නිසානේ. ඒ නිසා රංගනය ගැන මට තිබුණ ආශාව, භක්තිය තවත් වැඩිවුණා. ඒ සිවුර ඇදගෙන කණ්ණාඩිය ඉස්සරහට ගියාම ඒ ප්‍රතිරූපය කොයිතරම් මනසට සුවයක්ද කියන හැගීම මට දැනුණා. ප්‍රජාපතීට පණ පොවන කොටත් මම බුදු දහස ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සුනිල් සර් ඇතුළු කණ්ඩායමෙනුත් අපි හැමෝටම හොද සහයෝගයක් ලැබුණා. සිවුරක් දරන්නත් කෙනෙකුට වාසනාව තිබිය යුතුයි.

Ariyawansha Kulathilaka
Lakbimanews.com
පුංචි තිරයේදී අපට ඔබව බොහෝ විට හමුවන්නේ අම්මා කෙනෙකුගේ චරිතයකින්. ඇය ඔබ ඒ විදියට එකම තැනක හිරවෙලා ඉන්නේ ?
ඇත්ත. මට බොහෝ වෙලාවට ආරාධනා ලැබෙන්නේ අම්මා කෙනෙකුගේ චරිතය නිරූපණය කරන්නයි. ඒත් මම අම්මාගේ චරිතේ විතරක්මයි රගපාන්නේ කියලා සීමා හදාගෙන නැහැ. මමත් අම්මා කෙනෙක්. ඉතිං තවත් අම්මා කෙනෙක්ගේ සෙනෙහස මම හොදින්ම දන්නවා. ඒ නිසා මට ඒ වගේ චරිතත් එකක් බොහොම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඇති අම්මා කියන චරිතේටම මට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ.
ඔබට සිංහල භාෂාව වගේම හින්දි භාෂාවත් හොදටම හසුරුවන්න පුළුවන් කියන්නේ ඇත්තක්ද ?
ඔව්. මොකද මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්දියානු ජාතිකයන්. මට ලංකාවේ වගේම ඉන්දියාවෙන් පුරවැසිභාවය තියෙනවා. ඒත් දැන් මම පදිංචි වෙලා ඉන්නේ නම් ලංකාවේ. ඒත් මගේ සහෝදර සහෝදරියන් ඉන්නේ ඉන්දියාවේ. ඒ නිසා නිතරම මම ඉන්දියාවට ගිහින් පවුලේ අයගේ සැප දුක බලලා එනවා.
මොනවද ඔබේ පෙඃද්ගලික ජීවිතේ තොරතුරු ?
මම විවාහ වෙලා ඉන්නේ හිටපු ලංකා රගර් කැප්ටන් ප්‍රදීප් බස්නායක සමගයි. මට ලොකු පුතෙක් ඉන්නවා. මම වෘත්තියෙන් ගුරුවරියක්. රංගනය මගේ වෘත්තීය නොවුණත් මම රංගනයට ගොඩාක් ආදරේ කරන කෙනෙක්. නිදහස ලැබෙන හැම වෙලාවේම කලාව වෙනුවෙන් යමක් කරන්න කැමැතියි.

No comments