Breaking News

ජනපති ආර්යාව රෝහල් ගත කෙරේ

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් වකුගඩු හා සම්බන්ධ සැත්කමකට භාජනය කර ඇතැයි වාර්තා පවසයි.ධවල මන්දිර තොරතුරු උපුටා දක්වමින් ඔවුන්  මේ බව පවසා සිටියි.ඒ අනුව ඇය ඉදිරි සතිය පුරාම විවේක ගැනීමේ අවස්ථාවක් පවතින බවද පැවසෙයි.
සැත්කම පිළිබඳව කරුණු දක්වන ජනපති ආර්යාවගේ ප්‍රකාශිකා ස්ටෙෆනි ග්‍රිෂාම්,එය සාර්ථකව සිදු කල බවත්,කිසිඳු සංකූලතාවයක් ඇති නොවූ බවත් පවසා සිටියාය.එසේම වොෂිංටන් නුවරට එපිටින් පිහිටි වෝල්ටර් රිඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී මෙම සැත්කම සිදුවූ බවත් ඇය අනාවරණය කළාය.ඒ අනුව ඉදිරි සතිය තුළ මෙලනියා එහි ‍රැඳී සිටින බවත් සඳහන් වී ඇත.

No comments