Breaking News

දීපනි සිල්වාගේ රිය අන්තුරේ විඩියෝව මෙන්න

අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙන් ප්‍රවීන රංගන ශිල්පීනී දිපානි සිල්වා මහත්මිය බණ්ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(28) පෙරවරු 6.40 ට පමණ බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ කිදෙල්පිටිය මංසන්ධියේ දී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි දීපානි සිල්වා මහත්මිය පැදවූ මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු 10 ක දැරියක් බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
මෝටර් රථය පදවා ඇත්තේ රංගන ශිල්පිනී දිපානි සිල්වා විසිනි.
අදාල අනතුර සම්බන්ධයෙන් දීපානි සිල්වා බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රිය අනතුර සිදු කිරිම සම්බන්ධයෙන් ප්‍රවීන රංගන ශිල්පීනී දිපානි සිල්වා මහත්මිය බණ්ඩාරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර දිපානි සිල්වා මහත්මිය අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කළේය.

No comments