Breaking News

මෝචරියට ගෙනියන කොට කකුලක් සෙළවෙනවා දැක්කා..උදරාබාධයකට බේත් ගන්න ගිය කාන්තාවක් පණ පිටින් මෝචරියට යවයි..


රෝහල් කාර්ය මණ්ඩලයේ සහ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගතවුනු පුද්ගලයින් මුහුණ දුන් අමිහිරි අත්දැකීම් නිරන්තරයෙන්ම අසන්නට දකින්නට ලැබෙනවා. තවත් එවැනිම වූ සිදුවීමක් පසුගියදා හෝමාගම රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් වූ කාන්තාවකට මුහුණ දීමට සිදුවුනු පුවතක් වාර්තා වනවා.


මත්තේගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු මවක්‌ විසින් පසුගියදා උදරයේ ආබාධයක්‌ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙලෙස හෝමාගම රෝහලට ඇතුලත් වි තිබෙනවා. එහිදී වෛද්‍යවරු විසින් ඇය පරීක්‍ෂා කර බලා එන්නතක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. හෙදියන් විසින් අදාල කාන්තාව එන්නත් කර සුළු මොහොතකින් කාන්තාව සිහිසුන් වී තිබෙනවා.පසුව වෛද්‍යවරු විසින් එම කාන්තාව මියගොස් ඇතිබව පවසා තිබෙන අතර ඒ පිළිබඳව රෝහලේ සිටි ඇයගේ ඥතීන්ට දැනුම් දී තිබෙනවා.

සාමාන්‍යයෙන් මියගිය රෝගියකු මෘත ශරීරාගාරයට දැමීමට පෙර පැයක පමණ කාළයක් වාට්ටුවේ තබාගනන්නා අතර අදාල කාලසීමාවෙන් පසු ට්‍රොලියක ආධාරයෙන් ඇය මෘත ශරීරාගාරයට ඇතුලු කිරීමට කටයුතු කර තිබෙනවා. එම අවස්ථාවේදී වෛද්‍යවරුන් විසින් මිය ගිය බවට ප්‍රකාශ කල කාන්තාවගේ කකුලක් සෙලවෙන ආකාරය ඥාතී සොයුරියක් විසින් දැක ඇති අතර ඇය කෑ ගසා ඒ පිළිබඳ ප්‍රකාශ කර තිබෙනවා.

පසුව අදාල කාන්තාව ඥතීන් විසින් පෞද්ගලික ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් මේ පිළිබඳ රෝහලෙන් අප කල විමසීමකදී කියා සිටියේ එවැනි සිදුවීමක් සිදුව නැති බවයි.
(under the courtesy of nethgossip.lk news web)

No comments