Breaking News

අයහපත් කාළගුණයෙන් පීඩිතයින්ට සහන සලසන්න දුමින්ද දිවා රෑ නොබලා වැඩ (PHOTOS)



නිරිත දිග මෝසම සක්‍රීයවීමත් සමඟ දිවයින පුරා ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වර්ශා සහිත අයහපත් කාළගුණික තත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ සහ වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දිවා රාත්‍රී නොබලා අදාල අංශ සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. 

කලු, ගිං, නිල්වලා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන නිසා එම ගංගා අවට පහත්බිම් වල ජීවත්වන ජනතාවට ඉන් ඉවත්වන ලෙස මේ වනවිටත් අපදා කළමනාකරණ අමාත්‍යංශය දැනුම් දී තිබේ. 

අඩු ආදායම් ලාභී සහ සරණක් අවැසි ජනතාවට ප්‍රමාදයකින් තොරව අවශ්‍ය සහන සැලසීමට සහ රාජ්‍ය පරිපාලන අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ සඳහා සූදානමින් තැබීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මේ වනවිටත් ලහි ලහියේම ක්‍රියාත්මක වෙන්මින් තිබේ.

මින් පෙර ආපදා තත්වයනදී එවකට ආපදා කළමනාකරන අමාත්‍යධූරය දැරූ මන්ත්‍රීවරයා රටේ නොසිටි අතර මෙවර වර්තමාන ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අමාත්‍යංශය තුලම රැදී සිටිමින් ඊට අදාළ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටියි. 





No comments