Breaking News

මවුබිමට අභිමානයක් ගෙනෙමින් දෙවන ශ්‍රී ලාංකිකයාත් එවරස්ට් කඳු මුදුනට (Photos)

එවරස්ට් කඳු මුදුන තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ජොහාන් පීරීස් අද (22) හිමිදිරියේ සමත් වුනා.
නේපාලයේ වෙලාවෙන් හිමිදිරි 5:55ට පමණ ජොහාන් එවරස්ට් කඳු මුදනට ලගාවී තිබෙන බව සදහන්.
මේ අනුව මින් පෙර 2016 වසරේදී කඳු මුදුන තරණය කළ ජයන්ති කුරු උටුම්පලගෙන් පසුව ලොව උසම කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ඔහුට හැකි වුනා.
මේ එවරස්ට් කන්ද තරණය කිරීමේ ජොහාන් පිරීස්ගේ දෙවන උත්සාහයයි. 2016 වසරේදීද ඔහු එවරස්ට් කන්ද තරණය කළ අතර කඳු මුදුනට මීටර් 400ක් පමණව ඉතිරිව තිබියදි ඔක්ෂිජන් ටැංකිය අවසන් වීම නිසා ඔහුට අවස්තාව අහිමි වූවා.
එවකටත් මීටර් 8,400ක් තරණය කර තිබූ ජොහාන්, එපමන උසක් තරණය කළ පළමු ශ්‍රී ලාංකික පිරිමියාද බවට පත් වුනා.
ඒ 2016 වසරේ මැයි 21 වැනිදායි. හරියටම ඉන් වසර දෙකකට පසුව ජොහාන් එවරස්ට් කඳු මුදුනටම ලගා වන්නේ දැඩි කැපවීම සහ අධිෂ්ඨානයට කළ නොහැක්කක් නොමැති බව පෙන්වමින්.
මේ වනවිට ජොහාන් එවරස්ට් මුදුනේ සිට පහලට බැසීම අරඹා තිබෙනවා. එවරස්ට් මුදුන තරණය කිරීමට වඩා, මුදුනේ සිට පහලට බැසීම භයානක ක්‍රියාවකි.
වෘත්තියෙන් අන්තර්ජාතික කොණ්ඩ සැකසුම් ශිල්පියෙක් වන ජොහාන් පිරීස් රූපලාවන්‍යාගාර තුනක හිමිකරුවෙකි. ඉන් දෙකක් කොළඹ පිහිටා තිබෙන අතර ප්‍රධාන රූපලාවන්‍යාගාරය ලන්ඩන් නගරයේ පිහිටා තිබේ.
Sri Lanka’s Johann Peries successfully summited Mt. Everest at 5.55 am Nepal time today Tue 22 May 2018.
This was his second attempt. Peries now becomes the second Sri Lankan to summit Mt. Everest after Jayanthi Kuru Utumpala in 2016.
Peries’ earlier attempt in 2016 was unsuccessful when his oxygen tank failed 400 metres before the summit.
Please uphold him in your prayers and devotions for a safe descent. The descent is more treacherous at times than the ascent.
ජොහාන් පිරීස් එවරස්ට් කඳු මුදුනට ලගාවූ අවස්තාවේ ඡායාරූප පහතින්,
Image may contain: 1 person, mountain, outdoor and nature
Image may contain: one or more people and outdoorImage may contain: 1 person, smiling, sky, mountain, snow, outdoor and nature

No comments