Breaking News

ජීවන ගමන නිමා කල ගොලු හදවතේ දම්මි ගැන ඔබ නොඇසූ කතාවක්....! (VIDEO)

feature-top
කරුණාසේන ජයලත්ගේ ‘‘ගොලු හදවත‘‘ ප්‍රේමණීය නවකතාව මෙරට කලා ක්ෂේස්ත්‍රය පෝෂණය කල නිර්මාණයක් වුනා. ඔහු තම ජීවන අත්දැකීමක් පාදක කරගනිමින් රචනා කර ගොලු හදවත කෘතිය  මෙරට සාහිත්‍ය කෘති අතරට එකතුවුනේ විශිෂ්ඨතම ප්‍රේමණීය නවකතාවක් ලෙසින්.

සැබෑ ජීවිතයේදී තමන් සහ තමන්ගේ හොඳම මිතුරන් දෙදෙනා ඇසුරෙන් මෙම කෘතියේ ප්‍රධාන චරිත තුන නිරූපනය කරන දම්මි,සුගත් සහ නිහාල්ගේ චරිත නිර්මාණය වනවා.ඒ  ඒ ඩී. බී. කුරුප්පු සහ පද්මා නාලනී ගුණරත්න ඇසුරෙන්. කතාවට අනුව සුගත් දම්මිට ආදරය කලද දම්මි විවාහ වන්නේ නිහාල් සමඟයි. එනම් සබෑ ජීවිතයේ ඩී. බී. කුරුප්පු සමඟයි.

මේ ආදරණීය චරිත ත්‍රිත්වයෙක් පද්මා නාලනී පසුගිය 22 දා අප අතුරින් සමුගත්තේ කොල්ලුපිටියේ පිහිටි සිය නිවසේදීයි. ඒ රෝග තත්වයක් නිසා කලක් තිස්සේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී.

ඇය අප අතරින් සමුගත්තේ ඇයගේ මතකයන් රැසක් අප අතර ඉතිරි කර තබමින්.දම්මි කියන චරිතය අපේ කලා ක්ෂේස්ත්‍රය තුල අස්සක් මුල්ලක් නෑර පැතිරුනේ ගොලු හදවත ඇසුරින් නිර්මාණය වුන ගීත,ටෙලි නාට්‍ය,චිත්‍රපට සියල්ලත් සමඟයි. 

මේ අතර මීට වසර කීපයකට පෙර A.D රන්ජිත් කුමාරගේ පොත් දොරට වැඩුමක් බම්බලපිටිය සුමති කෝට් හී පැවත්වුනා, එ් කෘතිය එතුමන්ගේ පුවත් ලිපි එකතුවක්, පුවත් පත් කලාවේදියක් ලෙස මුලින්ම සැබෑ දම්මි සොයාගත් ඔහු ඒ අතිත ලිපියද මේ පොතට ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.

මේ දොරට වැඩුම උළලේ දී එවකට නෙත් එෆ්.එම් රේඩියෝව විකාශය කල  ගොලු හදවත රේඩියෝ නාට්‍යයේ කොටසක් සභාවේ ඉදිරිපත් කල හැකිදැයි රංජිත් කුමාරගේ පුත් නුවන් නයන විමසූවා. ඒ අනුව  රේඩියෝ ගොලු හදවතේ සුගත් වුනු "අශේන් මංජුලත් "දම්මි වු "ඉරේශා ලක්මාලි " ත් පසුබිමෙන් රේඩියෝ දෙබස් ඇහෙද්දිි ගොලු හදවත රඟ දැක්වූවා.

මේ සභාවේ ප්‍රධාන අමුත්තිය වී සිටියේ එකල ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවු සැබෑ දම්මි වූ නාලනී ය. මේ රංගනය සභාමැද සිදුවෙදි කීප වතාවක්ම ඇයගේ දෑත් තෙත්වුනේ ඇයගේ අතීතය මතක්වූ නිසාවෙන් විය හැකිය. වැඩසටන අවසානයේ  ඇය දම්මිගේ චරිතයට හඬ මුසු කල ඉරේශා අසල පැමිණ ඇය වැළඳගනිමින් ඇය මෙසේ ප්‍රකාශ කලා

මම මේ පොත කියෙව්ව ගමන්ම දැනගත්ත මේ ජයලත් ලියලා තියෙන්නේ මම ගැන කියලා ඊට පසේ චිත්‍රපටි හැදුනා සිංදු හැදුනා ටෙලි නාට්ටි හැදුනා මේ ඔක්කොම වගේ මම බලල තියනවා මම එවා බලනකොට මට අාවේ කට කොනට හිනාවක් මේ මම නේද කියලා එත් පුතේ අද මේ ප්ලේ එක බලනකොට මට දරාගන්න බැරිවුනා එච්චරට නාකී මගේ හදවතට දනුනා ඔයාලට ගොඩක් පින් මම ජිවත් වෙනවා කියලා දැනෙව්වා.

වැඩසටහනෙන් පසු ඇය  ගොලු හදවත රේඩියෝ නාට්‍යයේ සියලු cd තැටී රැගෙන යාමටද අමතක කලේ නැහැ. 

ජීවන ගමන නිමාකරමින් මෙලොවින් සමුගත් ඔබට නිවන් සුව...!



(under the courtesy of nethgossip.lk news web)


No comments