Breaking News

බීල ගෙදර ආපු සැමියාට බිරිය අමු කරවල කවලා


රාත්‍රී ආහාර වෙලෙහි රස සෙවු බීමත් සැමියෙකුට ඇගට නොදැනෙන්න අමු කරවල දුන් බිරිඳක් පිළිබඳ අපූරු කතා පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා විය. දැනගන්නට ඇති ආකාරයට සිද්ධිය මෙසේය.මෙම නිවසේ බිරිය සැමියා හා දියණිය ජීවත්ව ඇති අතර දිනක් දියණිය නිවසින් පිටව ඥාති නිවසකට ගියේ 
එදින නැවත නිවසට නොඑන බව පවසමිනී. දියණියත් නොමැති නිසා මව හනිකට හොද්දක් සාදා සුපුරුදු ටෙලිනාට්‍ය නරඹමින් සිටියාය.
දිනපතාම වෙරිමත ගාතේ හිවෙසට පැමිනෙන සැමියා රාත්‍රී ආහාර වේල භුක්ති විදින ගමන් ඈ බන් ගෑනියේ මේ හොද්දට කරවල කෑල්ලක්වත් දැම්ම් නැද්දැයි දොස් කියන්නට විය.
කතාව දුර දිග ගියොත් නවතින්නේ ගුටිබැට වළින් බව දන්නා බිරිය කරවල දැම්මා හොද්දේ ඇතැයි පවසමින් මුළුතැන්ගෙට දිවට ගියාය. ලිප ළඟ එල්ලා තිබූ කරවල කෑල්ලක් ගෙන පෙති දෙක තුනක් කපා හොද්දට දමා විගසින් සැමියාගේ පිඟානට බෙදා හොද්දේ අඩියේ තිබූණේ කළවම් කරලා ගන්න එපැයි කියමින් අමු කරවල බෙදා ගුටියෙන් බේරුනාලු.

No comments