Breaking News

‘වැව් දෑලේ ගී තාලේ’



සාම්ප්‍රදායික සංගීත ප්‍රසංග කලාවෙන් ඔබ්බට ගොස් වෙනස්ම ආකාරයේ සංගීත අත්දැකීමක් සහිතව, සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය කලාකරුවන් දෙපළක් වන ඒ.ආර්. අමීර්කාන් සහ ස්ටෙෆර්නී සන්සෝනිගේ ගී මාධූර්යෙන් හැඩගැන්වෙන නවමු ආකාරයේ සංගීත ප්‍රසංගයක අත්දැකීමක් කොළඹ වාණීජ අගනගරය මධ්‍යයයේ අති සුන්දර ස්ථානයක සිට විඳගැනීමට ඔබටත් අවස්ථාව උදා වී තිබේ.
ඒ, නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවිධාන කරන ‘වැව් දෑලේ ගී තාලේ’ සංගීත ප්‍රසංගයයි. මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ අගනගර ආශ්‍රිත මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ඉදිකරන ලද බේරේ වැව රේඛිය උද්‍යානය ජනතා අයිතියට පත්කිරීම හා සමගාමීව ‘වැව් දෑලේ ගී තාලේ’ සංගීත ප්‍රසංගය සංවිධාන කර තිබේ.
වෙනස් තැනක හිඳ වෙනස්ම සංගීත අත්දැකීමක් විඳගැනීමට ඔබත් එන්න, ජුනි 15 සවස 6.30 ට බේරේ වැව් තාවුල්ලට. (බේරේ වැව රේඛීය උද්‍යානයට වොක්ෂෝල් වීදියෙන් සහ ලේක්හවුස් ආයතනය ඉදිරිපසින් පිවිසිය හැකියි)
ඒකාකාරී සංගීත රටාවෙන් මිදී වෙනස්ම සංගීත අත්දැකීමක් විඳගැනීමට එක්වන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය ඔබ සැමට අරාධනා කර සිටී.

No comments