Breaking News

ගණිකාවකගේ චරිතයක්‌ රගපාන්න කැමති ඕෂදී එළිපිට කිව්ව කතාව

මෑත කාලයේ නිරූපන ක්‍ෂේත්‍රයේ සිට සිනමාවට පැමිණි පිරිස බොහොමයි.
එලෙස සිනමාවට එක්‌ වූ නළු නිළියන් අතරින් ඕෂදී ද අද කරළියට පැමිණ සිටිනවා.
මේ දිනවල තිරගත වන වස්‌සානේ සඳ සිනමාපටයේ උප ප්‍රධාන චරිතයක්‌ වන ඕෂදි ඉමාෂා අපේ කතාබහට එක්‌වූයේ මෙලෙසිනුයි.
වස්‌සානේ සඳ ඕෂදීට විශේෂ වන කාරණා රැසක්‌ම පවතිනවා නේද?
ඔව්. එය මම රංගනයෙන් දායක වන ප්‍රථම සිනමා නිර්මාණය. එපමණක්‌ නෙවෙයි මෙම චිත්‍රපටයේ මම මගේ චරිතයට අදාළ රූපගත කෙරුණේ ඕස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර. ඊට පෙර මම විදේශ රටකදි රඟපෑම් කටයුතු වල යෙදිලා නැහැ. ඒ නිසා ඒ අවස්‌ථාවත් මට විශේෂ අත්දැකීමක්‌ වූවා.
වස්‌සානේ නටාෂා වෙන එක ඕෂදිට පහසු කාරණාවක්‌ වූවාද?
නටාෂා කියන්නෙ විදේශ රටක ජීවත්වන දඟකාර පැවතුම් ඇති රූමත් ලාංකික යුවතියක්‌. මේ චරිතය සාර්ථකව රඟපාන්න මට සුවිසල් වෑයමක යෙදෙන්න උවමනා උනේ නැහැ. මේකද ඕෂදි කියන හැබෑ දිවියේ මමයි වස්‌සානේ නටාෂා කියන චරිතයක්‌ ගොඩක්‌ සමාන ගති පැවතුම ඇති අය.
වස්‌සානේ සඳ කියන්නෙ ඔබ පෙරුම් පිරූ අවස්‌ථාවක්‌ද?
මම නිරූපිකාවක්‌ විදිහට කටයුතු කරමින් සිටින විටයි මෙම චිත්‍රපටයේ අධ්‍යක්‌ෂ උදයකාන්ත වර්ණසූරිය මහතා මට ඇරයුම් කළේ.
ඇත්තටම මම ගොඩක්‌ ආසාවෙන් ගොඩක්‌ කැමැත්තෙන් බාරගත්ත ආරාධනාවක්‌ කිව්වොත් නිවැරදියි. මීට අවුරුදු දෙකට කලින් බාරගත් ඇරයුම ගැන අද මට නිහතමානී සතුටක්‌ තියෙනවා චිත්‍රපටය තිරගත වෙත්දී ලැබෙන ප්‍රතිචාර ගැන හිතුවහම.
ඉන් පසුවත් ඕෂදීට සිනමාවෙන් ඇරයුම් ලැබුණද?
ඔව්. වස්‌සානේ චිත්‍රපටය හැරුණම මේ වෙත්දි මම තවත් චිත්‍රපට දෙකක රඟපාලා තියෙනවා. මගේ දෙවෙනි චිත්‍රපටය හර්ෂ උඩකන්දගේ ෆේස්‌ ටු ෆේස්‌ තුන්වෙනි සිනමා පටය සුසිරන් ද සිලවාගේ මං මිස්‌ ජෙනිස්‌. මෙම නිර්මාණ දෙකෙහි ප්‍රධාන හා උප ප්‍රධාන චරිතයන් මට ලැබුණා.
මෙම චිත්‍රපටත් විනෝදාත්මක හා වානිජ නිර්මාණද?
වස්‌සානේ සද ආදර කතාවක්‌ වානිජ චිත්‍රපටයක්‌. ෆේස්‌ ටු ෆේස්‌ කියන්නෙ විනෝදාත්මක හා ක්‍රියාදාමවලින් පිරුණ වානිජ නිර්මාණයක්‌. මං මිස්‌ ජෙනිස්‌ විකට හා අද්භූත චිත්‍රපටයක්‌.
ඕෂදී කියන්නෙ ඕනෑම විදිහේ චරිතයක්‌ රඟපාන්න කැමති නිළියක්‌ද?
විවිධ චරිත රඟපාන්න කැමතියි. හැබැයි මට චරිතයක්‌ ආවාම ඒක මොන විදිහේ චරිතයක්‌ද අපේ සංස්‌කෘතියට ගැළපෙනවද මට කරන්න පුළුවන් කියල බලල තමයි මම බාරගන්නෙ.
ඔබ කියන්නේ ඔබ කළු සුදු චරිත වර්ග කර රඟපාන බවද?
ඔව් ඇත්තටම චරිතයක්‌ රඟපාන්න ඒ චරිතය කළු චරිතයක්‌ද සුදු චරිතයක්‌ද කියලා සළකා බලන්න සිදුවනවා.
ගණිකාවකගේ චරිතයක්‌ තිරයේ මවන්න ඇරයුමක්‌ ලැබුණොත් ඔබ එම අවස්‌ථාව අතැර දමනවාද?
ඒ ගැන මම තවම හිතල නැහැ. චරිතයත් එක්‌ක පිටපත කියවල බලලා මට හිතෙනව නම් මට එම චරිතයට සාධාරණයක්‌ කරන්න පුළුවන් කියලා. මම ඒක බාරගනියි.
ඔබගේ ආරම්භය වෙත යමුද?
මම මුලින්ම මියුසික්‌ වීඩියෝ සහ මෝස්‌තර නිරූපන කටයුතු වලට තමයි සම්බන්ධ වෙන්නේ. අදටත් මම චිත්‍රපට වල රඟපෑවට වෘත්තියෙන් නිරූපන ශිල්පිනියක්‌. මම වැඩි තැනක්‌ දෙන්නෙ නිරූපනයටයි. ඉදිරි කාලයේ මේ ක්‍ෂේත්‍ර දෙකේම මම වැඩි අඩු වශයෙන් රැඳී ඉඳීවි.
නිරූපන නිරූපිකාවන්ට රඟපාන්න දන්නෙ නැහැ කියන කතාව ගැන මොනවද කියන්නෙ?
එහෙම කතාවක්‌ තිබුණා තමයි. ඒත් අද වෙත්දි ගොඩක්‌ නිරූපන ශිල්පීන් සිනමාවට ඇවිත් තියෙනවා. වස්‌සානේ සඳ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිත රඟපාන අපි හතර දෙනාම නිරූපන ක්‍ෂේත්‍රයන් රඟපෑමට ආපු අය. පහුගිය කාලේ තිරගත වුණ දේදුනු ආකාසේ චිත්‍රපටයෙනුත් නිරූපිකාවන් සිනමාවට ආවා.
මෑත කාලයේ වගේම අතීතයෙත් නිරූපන ශිල්පීන් රඟපෑමට ඇවිත් තියෙනවා.. මම හිතනව නිරූපන ශිල්පීන්ට රඟපාන්න බැහැ කියන කතාව බොරුවක්‌. මේ වෙත්දි ඔවුන් ඔප්පු කර තියෙනවා ඔවුන්ට රඟපාන්න පුළුවන් බව.
මෑත කාලයේ සිනමාවට ආ නිරූපිකාවන් එක්‌ක ඔබට තරගයක්‌ තියෙනවද?
ඔව් අනිවාර්යෙන්ම. අපි මොන ක්‍ෂේත්‍රයට හිටියත් ඒක තුළ තරගකාරි බවක්‌ තියෙනවා.
ඔබට එලෙස අභියෝගයක්‌ වූ අය කව්රුන්ද?
නිරූපනයේදී හැම නිරූපන ශිල්පිනියක්‌ම රංගනයේදී හැම රංගන ශිල්පිනියක්‌ම මට අභියෝගයක්‌ ලෙසයි මම හිතන්නෙ.
නිළියක්‌ විදිහට තිරයේ පෙම්වතිය වන ඕෂදීගේ සැබෑ දිවියේ පෙම් කතාව රසිකයන්ට පවසනවද?
මේ දවස්‌වල මම චිත්‍රපටයත් එක්‌ක මගේ වෘත්තිය ගැන විතරයි කතා කළේ. මගේ පවුල ගැන කතා කළොත් මගේ ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි මල්ලියි එයාල ඉන්නෙ හික්‌කඩුවේ.
ඔබේ ආදර කතාව ගැන පමණද කතා කරන්න අකමැති?
මම මගේ පෞද්ගලික ජීවිතය ගැන ගොඩක්‌ කතාකරන්න අකමැති කෙනෙක්‌. ඒ නිසා මං ගැන රසිකයන්ට දැනගන්න මේ තොරතුරු ඇතියි සිතනවා.
DIVAINA

No comments