Breaking News

ලොකු වුනාම “වන්ෂොට්” වගේ වෙන්න හීන දකින “සිදූ” හි පුංචි සුබෝධ හාමුදුරුවෝ

සිඳු ටෙලි නාට්‍යයේ සෝරත හාමුදුරුවන්ට අලුත් හාමුදුරුවෝ නමක් එකතුවෙලා.
ඒ සුබෝධ හාමුදුරුවෝ. සුබෝධ හාමුදුරුවන්ගේ තොරතුරු දැන ගන්න අපි පුංචි අවිවාන්ට කතා කළා.

කොහොමද අවිවාන්ට අවස්ථාව ලැබෙන්නේ සුබෝධ හාමුදුරුවෝ වෙන්න?
තුසිත කරවිට සර් තමයි අම්මට කියල තිබ්බේ සිඳු නාට්‍යයට ළමයි ගන්නවා කියලා. අම්මා මාව එක්කන් ගියා.

අවිවාන්ට හිතුණද සිඳු නාට්‍යයට තේරේවි කියලා?
එතැන ගොඩක් ළමයි හිටියා. එහෙම හිතුණේ නැහැ. ඒත් ඉතින් මම තේරුණා.

අවිවාන් අම්මා එක්කන් ගිය නිසාද රඟපාන්න කැමති වුණේ?
නැහැ. මම කැමතියි රඟපාන්න. ගෙදරදිත් මම සිඳු නාට්‍යය බලන්න ආසයි. ඒ වගේම සෝරත හාමුදුරුවන්ටත් මම ආසයි. මම හිතුවේ නැහැ මට සෝරත හාමුදුරුවෝ එක්ක රඟපාන්න ලැබෙයි කියලා.

අවිවාන්ට පාස‍ලේ ගුරුවරුන්ගෙන් යාළුවන්ගෙන් ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

හොඳයි. මම ඉස්කෝ‍ලේ පන්තියට යන්න කලින් ළමයි පන්තිය වටකර ගන්නවා. එහෙම වුණහම මට පන්තියට යන්න විදිහක් නැහැ. ටීචර්ත්, ප්‍රින්සිපල් සර්ත් මට ගොඩක් උදව් කරනවා.

අවිවාන් කැමති වුණාද ‍පොඩි හාමුදුරුවෝ කෙනෙක් වගේ සිවුරක් ඇඳලා රඟපාන්න?
ඔව්. මට ඕන වුණේ සෝරත හාමුදුරුවෝ වගේ සිවුරක් ඇඳලා රඟපාන්න.

සරණ, සෝරත හාමුදුරුවෝ අවිවාන්ගෙත් යාළුවොද?
ඔව්. මගේ හොඳම යාළුවෝ සරණයි, සෝරත හාමුදුරුවෝයි. මුලින්ම සරණ යාළු වුණේ නැහැ. ඒත් පස්සෙ යාළු වුණා.

මුලින්ම කැමරාව ඉස්සරහා රඟපාද්දී බය හිතුණේ නැද්ද?
නැහැ. බය හිතුණෙ නැහැ. මම කැමතියිනේ රඟපාන්න.

අවිවාන් දිගටම රඟපානවාද?
ඔව්. මම ආසයි දිගටම රඟපාන්න.

ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?
මම කැමතියි වන්ෂොට් වගේ වෙන්න.

අවිවාන්ගේ පුද්ගලික විස්තර කීවොත්?
මගේ පාසල බඩල්ගම සරණතිස්ස කනිෂ්ඨ විද්‍යාලය. මම ඉගෙන ගන්නේ පළමු වසරේ.

– තිළිණි කරුණාරත්න


No comments