අද විතරයි බලන්නේ!මාරාන්තික උපවාසයක් කරනවා | Reporter අද විතරයි බලන්නේ!මාරාන්තික උපවාසයක් කරනවා - Reporter

Hot News

අද විතරයි බලන්නේ!මාරාන්තික උපවාසයක් කරනවා

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද (22) දිනයේත් ඇප ලබා නොදුනහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට භික්‍ෂූන් වහන්සේ පිරිසක් සූදානම් වනවා. උන්වහන්සේගේ ඇප අයදුම හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද සලකා බැලීමට නියමිතයි. එහිදී උන්වහන්සේට ඇප ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුවා. එසේ නොවුනහොත් ඇප ලබාගැනීමට බල කෙරෙන මීළග පියවර ලෙස මාරාන්තික උපවාසය ආරම්භ කරන බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ. 
Image result for gnasara prison

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා ගැනීම සදහා භික්‍ෂුන් වහන්සේ පිරිසක් ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කර තිබෙනවා. එහිදී උන්වහන්සේ පවසා ඇත්තේ තමන් අධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයකට ලක් කිරීමට උත්සාහ නොකරන බවයි. එහෙත් සිරගත කිරීමෙන් පසු සිවුරුද ඉවත් කිරීමෙන් සිදුව ඇති අපහසුතා පිළිබද සැලකිල්ලට ගෙන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව උන්වහන්සේ අවධාරණය කර තිබෙනවා. 



(under the courtesy of nethnews.lk news web)

No comments