Breaking News

අධිකරණයෙන් අමිත් වීරසිංහගේ බිරිඳ කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි!







පසුගිය මාර්තු මාසයේදී දිගන නගරයේ, සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් 31 දෙනා යළිත් ජුනි මස 18, 22 සහ 25 දින තුන දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය මහතා නියෝග කළේය.

රංගල පොලිස් වසමේ උඩිස්පත්තුව නගරයේ සිදුවීම පිළිබඳව සැකකරුවන් දෙදෙනකුද මොරගහමුල සිදුවීම පිළිබඳව සැකකරුවන් දස දෙනකු හා දිගන නගරයේ සිදුවීම් තුනක් පිළිබඳව මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් 19 දෙනා ඇතුළු මෙම සිදුවීම් පහ පිළිබඳව මෙම සැකකරුවන් 31 දෙනා දැනට මාස කිහිපයක සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති.

මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ මහතා බැලීමට හා ඔහුගේ සුවදුක් සොයා බැලීමට ඔහුගේ බිරියට අනුරාධපුර බන්ධනාගාරයට යෑමට මහත් වියදමක් දැරීමට සිදුව ඇති බැවින් ඒ සඳහා බන්ධනාගාරය මඟින් පහසුකම් ලබාදෙන ලෙස නීතිඥ බාන්ස් රඹුක්වැල්ල මහතා කරුණු ඉදිරිපත් කළ නමුත් එවැනි ඉල්ලීමකට ප්‍රතිපාදන නොමැති බව අධිකරණය දන්වා සිටියේය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් තිස් දෙනකු පල්ලේකැලේ රක්ෂිත බන්ධනාගාරය වෙතද මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ බන්ධනාගාර බස් රථයකින් අනුරාධපුරය රක්ෂිත බන්ධනාගාරය වෙතද රැගෙන ගියේය.

No comments