Breaking News

නව මහලේකම්ට ශක්තියක් වෙමින් දුමින්ද ජාතික සංවිධායකධූරයේ වැඩ අරඹයි.!



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව මහලේකම්වරයා වශයෙන් මහාචාර්‍ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද(04) පක්ෂ මූලස්ථානයේදී වැඩභාර ගනු ලැබුවා. ඒ එම පක්ෂයේ හිටපු මහලේකම්, වර්ථමාන ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී. 

පසුගිය සමයේ ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කල්ලිය බලාපොරොත්තු වූ පරිදි දුමින්දව සම්පූර්ණයෙන්ම නිදහස් පක්ෂ නිලධාරී මණ්ඩලයෙන් ඉවත්කර මහලේකම්ධූරය සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය විසින් යෝජනා කරන පුද්ගලයෙකු පත් කරනු වෙනුවට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පුර්ණ කාලීනව පක්ෂ ප්‍රතිසංවිධානය වෙනුවෙන් කැපවිය හැකි බුද්ධිමතෙකු පක්ෂ මහලේකම්දූරයට පත්කර තිබේ. 

ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය තුලත් යහපාලන ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුවිය යුතු වෙනස් කම් මෙම ප්‍රතිසංවිධානයේදී ඉතා කඩිනමින් සිදුකෙරෙනු ඇත. 



No comments