STF ප්‍රහාරයකින් මධූෂ්ගේ ප්‍රබලම ගෝලයෙකු මරුට | Reporter STF ප්‍රහාරයකින් මධූෂ්ගේ ප්‍රබලම ගෝලයෙකු මරුට - Reporter

Breaking News

STF ප්‍රහාරයකින් මධූෂ්ගේ ප්‍රබලම ගෝලයෙකු මරුට










කඹුරුපිටිය, විල්පිට ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන මානෙල් රෝහණ නොහොත් තිලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (25) රාත්‍රී 7.45ට පමණ කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේ  පොලිස් මාර්ග බාධකයකදී ත්‍රීරෝද රථයක් නවතන ලෙසට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විසින් අණකර ඇති අතර අදාළ ත්‍රිරෝද රථය පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බව සදහන්ය.

ඒ අනුව පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එක්ව පොලිස් නිලධාරීන් අදාළ ත්‍රිරෝද රථය හඹාගොස් තිබේ.

මෙහිදි ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් පොලිස් විශේෂ කාර්යය බළකාය දෙසට වෙඩි තබා ඇති අතර පසුව ඔවුන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්ය.

එම ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හේවාසුදු අකුරුගේ මානෙල් රෝහණ නොහොත් තිලක් නමැති කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

මොහු මාකඳුරේ මදුෂ් නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ දකුණු පළාත තුළ සිටින ප්‍රධානතම සහයකයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.



No comments