පාන් ගෙඩිය රුපියල් 10කින් ඉහළට | Reporter පාන් ගෙඩිය රුපියල් 10කින් ඉහළට - Reporter

Hot News

පාන් ගෙඩිය රුපියල් 10කින් ඉහළට


පාන් සදහා දැනට අය කෙරෙන සියයට දෙකක ජාතිය ගොඩනැගීමේ බද්ද සහ අනෙකුත් බේකරි නිශ්පාදන සදහා අය කෙරෙන සියයට 17ක බදු වහා ඉවත් නොකලහොත් පාන් මිල රුපියල් 10කින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 

බේකරි නිශ්පාදන සදහා යොදාගන්නා අමුද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ යාම, අමුද්‍රව්‍ය සදහා අධික ලෙස බදු අයකිරීම, බේකරි කර්මාන්තය සදහා රජයෙන් සහන නොලැබීම හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා පැවසීය. 

බේකරි කර්මාන්තයට අත්ව තිබෙන තත්වය සහ බදු ඉවත්කර සහන සලසන ලෙස ජනාධිපති, අගමැති, මුදල් ඇමති ඇතුළු වගකිව යුතු සියලු පාර්ශව දැනුවත් කර ඇතැයිද සභාපති ජයවර්ධන මහතා කීය.

මේ වනවිට ආනයනික අමුද්‍රව්‍ය සඳහා 200% ක බදු අයකරන අතර මාගරින් කිලෝවක් සඳහා රුපියල් 215ක්ද, පාම්තෙල් සදහා රුපියල් 12ක්ද, බටර් සදහා රුපියල් 600ක්ද, ලෙස අධික බදු අයකරන බවත් පවසන ඒ මහතා බේකරි නිශ්පාදන සදහා යොදාගන්නා අර්තාපල්, ලොකු ලූණු, බිත්තර, සැමන් යන භාන්ඩ වල මිල දිනෙන් දින ඉහළ යාමද බේකරි කර්මාන්තයට විශාල ලෙස බලපානු ඇතැයි පැවසීය. 

No comments