වසර 15කට පසු අඟහරු පෘථිවි සමීපයට | Reporter වසර 15කට පසු අඟහරු පෘථිවි සමීපයට - Reporter

Hot News

වසර 15කට පසු අඟහරු පෘථිවි සමීපයට




වසර 15කට පසුව අඟහරු ග්‍රහයා පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරමින් තිබෙන බවත් එය ඉතා දීප්තිමත්ව රාත්‍රී අහසෙහි අද (31) දිනයේදී දැක ගත හැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

අඟහරු ග්‍රහයා රතු – තැඹිළි පැහැයක් ගන්නා අතර රාත්‍රි කාලයේදී දීප්තිමත්ව දිස්වන නිසා එය ඉතා පහසුවෙන් හඳුනාගැනීමට හැකි වේ.

එමෙන්ම අඟහරු ඇතුළු ග්‍රහලෝක නැරඹිමේ සුවිශේෂි අවස්ථාව මහජනතාවට හිමි කරදෙමින් රාත්‍රි අහස නිරීක්ෂණ කඳවුරක් අද (31) කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙම කඳවුරු රාත්‍රි 7.00 සිට රාත්‍රි 10.00 දක්වා පැවැත්වීමට නියමිතය.



No comments